හැමදාම කන රයිස් එකට වෙනසක් : රටවල් කීපයක රසවත් රයිස් ​වර්ග හදාගනිමු!

0
10


ලංකාවෙ අපි ෆ්‍රයිඩ් රයිස් හෝ වෙනයම් බත් වර්ග හදාගන්නවා වගේ වෙනත් රටවල අය බත් හදන විදි වෙනස්. ඔවුනට ආවේණික රසවලින් හදනවා. ඒ විදියට එක එක රසට බත් වර්ග හදන හැටි කියලා දෙන්න තමා අද අපි ලෑස්ති වෙන්නෙ.

 

1. තුර්කි ක්‍රමයට  බත්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සම්බා හෝ බාස්මතී 1 kg
  2. 1 kg  පමණ කුකුළු මස්
  3. කරදමුංගු
  4. කරාබු නැටි
  5. කුරුඳු පොතු ස්වල්පයක්
  6. රම්​පේ

 

කරියට අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් මධ්‍යම ප්‍රමණයේ ඉස්සන් 500 g 
  2. ඉදුණු ලොකු තක්කාලි ගෙඩි 3 ක්
  3. ලියාගත් රතු ළූණු මේස හැඳි 2 ක්
  4. බටර් හෝ දුන්තෙල්
  5. පාන් පිටි ස්වල්පයක්
  6. මිරිස් කුඩු රස අනුව
  7. අබ පේස්ට් තේ හැන්දක්

 

  • කුකුල්මස් සෝදා තරමක කැබලිවලට කපා වතුර කෝප්ප 6 ක් සමඟ ලුණු, කරාබු නැටි, කරදමුංගු, කුරුඳු පොතු සහ රම්පෙ එකතු කර තම්බා ගන්න. 
  • එම තැම්බූ වතුර ගෙන කහ ස්වල්පයක් එකතු කර හාල් වලට දමා බත පිසගන්න.
  • තම්බා ගත් කුකුල්මස් කටු ඉවත් කර හෝ නොකර ගන්න. මස්වලට පිටි, මිරිස් කුඩු, අබ පේස්ට් සහ ලුණු තවරන්න. 
  • බටර් රත් කර තම්බා ගත් ඉස්සන් ස්වල්ප වේලාවක් බදින්න. පිටි තවරා ගත් මස් කැබලි ද එකතු කර බැදගන්න. 
  • ඉන්පසු කපා ගත් රතුළූණු දමා තක්කාලි එක්කර තරමක් බැදුණු පසු මෙයට වතුර මේස හැඳි 2 ක් පමණ එකතුකර රස අනුව ලුණු දමා ලිපෙන් බා ගන්න. 
  • පිසගත් බත් උඩින් මේ කරිය අතුරා පිළිගන්වන්න. 

 

2. මැලේසියන් බත්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බාස්මතී හාල් 1 kg
  2. වතුර කෝප්ප 4 ක්
  3. කල්කිරි කෝප්ප 1 ක්
  4. ගී හෝ බටර්
  5. පෙති කපා ගත් තක්කාලි 500 g
  6. කුරුඳු පොතු කෑල්ලක්
  7. කරාබු නැටි 4-5
  8. රම්පේ
  9. සේර
  10. කරපිංචා

(පහත ද්‍රව්‍ය සිහින්ව ගලේ අඹරා ගන්න)

  1. ලියාගත් රතුළූණු
  2. අමු ඉඟුරු කැබැල්ලක්සු
  3. දුළූණු බික් 4 ක්ම
  4. ​මහදුරු මේස හැඳි 1 ක්ක
  5. රාබු නැටි 3 ක්

 

  • සාස්පානකට ගී දමා රත් කර කුරුඳු පොතු, කරාබු නැටි, රතුළූණු, රම්පේ, සේර, කරපිංචා දමා තෙම්පරාදු කරගන්න.
  • ඉන්පසු වතුර සහ කිරි, අඹරා ගත් පහේ, තක්කාලි සහ රස අනුව ලුණු දාගන්න. මෙය උතුරන්නට හැර කලින් සෝදා වතුර බේරාගත් හාල් ද ඊට මිශ්‍ර කරන්න. භාජනයේ කට වසා මද ගින්නේ බත පිස ගන්න.

 

3. චීන බත්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඇට නොඇලෙන ලෙස පිස ගත් බත් (හාල් 1kg ප්‍රමාණ​යක)
  2. බිත්තර 2
  3. ඉස්සෝ 500g
  4. කුකුල් මස් හෝ ඌරු මස් 500g
  5. තෙල්
  6. ඉඟුරු ස්වල්පයක්
  7. කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  8. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  9. ලුණු
  10. රතුළූණු 100g
  11. සුදුළූණු බික් 4-5
  12. කැරට් අල 2
  13. ගෝවා ගෙඩි 1/2
  14. ලීක්ස් (කොළ කොටසින්) 
  15. මාමයිට් මේස හැඳි  2
  16. මිරිස් කුඩු

 

  • ප​ළමුව බත පිසගන්න. 
  • බිත්තර ලුණු ටිකක් දමා හොඳින් ගසාගෙන ඔම්ලට් සාදා තීරු කපා ගන්න. 
  • ළූණු සහ මාමයිට් ඉස්සන්ට මිශ්‍ර කරන්න. 
  • මස්වලට වතුර කෝප්ප 1 ක් දමා තම්බා ගන්න. 
  • එළවළු සිහින්ව කපා ගන්න. 
  • තෙල් ටිකක් ලිප තබා ඉඟුරු, සුදුළූණු දමා රන්වන් පාට වනතුරු බැද එයට ඉස්සන් සහ මස් දමා මදක් බැදෙන්න හැර එළවළු මිශ්‍ර කරන්න. ඉන්පසු බත් මිශ්‍ර කරන්න.
  • අවසානයේ ලුණු සහ ගම්මිරිස් මිශ්‍ර කර කොත්තමල්ලි  කොළ සහ බිත්තර තීරු මිශ්‍ර කරගන්න. 

 

4. තාවා පුලාව් (ඉන්දියන් රයිස්)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බටර් මේස හැඳි 2
  2. ලියාගත් බී ළූණු ගෙඩි 2
  3. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1 1/2
  4. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  5. චොප්කරගත් තක්කාලි ගෙඩි 4
  6. චොප්කරගත් කොත්තමල්ලි කොළ කප් 1/2
  7. ගරම් මසාලා තේ හැඳි 1
  8. ලුණු
  9. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  10. වතුර මේස හැඳි 1
  11. තම්බාගත් ග්‍රීන්පීස් කප් 1/2
  12. බැදගත් කජු ටිකක්
  13. තම්බා කොටු කපාගත් අල ගෙඩි 2
  14. පිසගත් බත් කෝප්ප 2

 

  • පෑන් එකට බටර් ටික දාලා දියකරලා ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න.
  • ටිකකින් ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාගන්න. ඊළඟට බෙල්පෙපර්, තක්කාලි හා කොත්තමල්ලි කොළ එකතු කර කලවම් කරගන්න. 
  • එයටම ගරම් මසාලා හා රස අනුව ලුණු එකතු කරගෙන චොප්කරගත් අමුමිරිස් ටික දාගන්න.
  • වතුර ටික දාලා හොඳට කලවම් කරගන්න. ටිකකින් කජු, ග්‍රීන්පීස් හා අල ටික දාලා බත් ටික දාලා හොඳට කලවම් කරගන්න.

 

5. සිංගප්පූරු රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

පිසගත් බාස්මතී බත් කෝප්ප 2

 

චිකන් ග්‍රේවි එක සඳහා

 

  1. තෙල් ස්වල්පයක්
  2. කටු රහිත චිකන් ග්‍රෑම් 500
  3. ඉඟුරු සුදුළූණු පේස්ට් එක
  4. විනාකිරි මේස හැඳි 1
  5. සෝයාසෝස් මේස හැඳි 1
  6. ලුණු
  7. මිරිස්කුඩු මේස හැඳි 1/2
  8. ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2
  9. තක්කාලි සෝස් මේස හැඳි 1
  10. ​කෙචප් කෝප්ප 1/2
  11. වතුර මේස හැඳි 2

නූඩ්ල්ස් එකට

 

  1. තම්බාගත් නූඩ්ල්ස් කෝප්ප 1
  2. දික් අතට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  3. ග්‍රේට් කරගත් ගෝවා ගෙඩි 1/2
  4. ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1
  5. චොප්කරගත් ඉඟුරු මේස හැඳි 1
  6. චොප්කරගත් ළූණු ගෙඩි 1
  7. සෝයාසෝස් මේස හැඳි 2
  8. ගම්මිරිස්කුඩු රස අනුව
  9. ලුණු
  10. මිරිස්කුඩු මේස හැඳි 1/2
  11. තල තෙල් මේස හැඳි 1/4
  12. චොප්කරගත් ළූණු කොළ කෝප්ප 1/2

මයෝ සෝස් එකට

 

  1. මයෝ​නේස් කෝප්ප 1/2
  2. ​කෙචප් කෝප්ප 1/3
  3. සෝස් මේස හැඳි 1
  4. ලුණු පින්ච් 1ක්
  5. ගම්මිරිස්කුඩු පින්ච් 1ක්

 

තෙම්පරාදුව සඳහා

 

  1. කපාගත් අමුමිරිස්
  2. කපාගත් ළූණු
  3. කෑලිමිරිස් ස්වල්පයක්

 

  • මුලින් චිකන් ග්‍රේවි එක හදාගමු. 
  • තෙල් ටිකක් රත්වෙන්න තියලා චිකන් ටික දාගන්න. ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. චිකන් ටික බැදගන්න. 
  • ඊලඟට ඒකට විනාකිරි, සෝයාසෝස්, රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, තක්කලි සෝස් හා ​කෙචප් ටික එක්ක වතුර මේස හැඳි 2ක් වගේ දාලා කලවම් කරලා චිකන් තැම්බිලා සෝස් එක ලාවට හිඳෙනකොට ලිපෙන් බාගන්න.
  • දැන් නූඩ්ල්ස් එක හදාගමු. ඒකට පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු,  කැරට්, බෙල්පෙපර්, ගෝවා, ළූණු ටික දාගෙන හොඳට කලවම් කරගන්න. 
  • ටිකකින් සෝයාසෝස්, ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව, මිරිස්කුඩු ටික දාලා කලවම් කරලා තම්බාගත් නූඩ්ල්ස් ටික එක්ක ළූණු කොළ දාලා කලවම් කරගන්න. උඩින් තලතෙල් ටිකක් ඉසගන්න.
  • මයෝ​නේස් සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම එකට කලවම් කරල පැත්තකින් තියාගන්න.
  • දැන් රයිස් එක හදමු. ග්ලාස් ට්‍රේ එකකට බත් ටික දාලා ලෙවල් කරලා ඊලඟට නූඩ්ල්ස් ලේයර් එකක් දාගන්න. දැන් චිකන් ග්‍රේවි එක උඩින් දාලා, හදාගත්ත මයෝ සෝස් එක උඩින් වක්කරගන්න.
  • වෙනම පෑන් එකක් ලිපේ තියල තෙල් ටිකක් දාල රත්වෙනකොට තෙම්පරාදුවට කපාගත් අමුමිරිස් හා ළූණු දාලා කෑලිමිරිස් ටික දාගන්න. මේ ටික ෆ්‍රයි උනාම රයිස් එක උඩින් දාගෙන පිළිගන්වන්න.

 

 

The post හැමදාම කන රයිස් එකට වෙනසක් : රටවල් කීපයක රසවත් රයිස් ​වර්ග හදාගනිමු! appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here