හාල් ආවා..! පොල් ආවා..! බිත්තර ආවා…! ඔන්න පිටරටින් අද ලුණු නැවත් එනවා..!  I Sri Lanka Latest News

0
4


මේ වන විට මෙරට තුළ පවතින ලුණු හිඟයට ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද (21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.Sri Lanka Latest News

ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද (21) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිතයි.

පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2800ක් ඊට අයත් බව අමාත්‍යවරයා පැවසීය.

මෙරට මාසික ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර වාර්ෂික අවශ්‍යතාවය ලුණු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 80,000කි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here