හාරකෝටියකට වැඩි කොකේන් සහ හෂීෂ් සමඟ තිදෙනෙක් කටුනායක දී අල්ලයි

0
22


රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සමඟ එම මත්ද්‍රව්‍ය රැගෙන ආ ගුවන් මගීන් තිදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් මගීන් තිදෙනා කොළඹ 15, ග්‍රෑන්ඩ්පාස් සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් අද (14) උදෑසන 11.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ බිස්කට් සහ මුරුක්කු අඩංගු පැකට් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 616ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 762ක් සඟවා තිබිය දී සොයාගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් මගීන්ට මේ සදහා ආධාර අනුබල දුන් යක්කල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here