හරක් එක්කම ඉඳලා හරකෙක් වෙන මට්ටමට ඒම …. – අතීත කතාව සහ වර්තමානය

0
5


මං ඉස්කෝලේ යන කාලේම ඉදං , අපේ අම්මා කොහෙද නැති ගොං වැස්සියෙකුයි, පැටව් දෙතුං දෙනෙකුයි ගෙනල්ලා හදන්ඩ ගත්තා. උං උං පැටව් දාලා මුං හතර පහ වුනා. පායන කාලෙටනං ලොකු අවුලක් නෑ.කොහේ හරි වෙල් යායකට, වැව් පිටියකට යවලා හවසට ගෙදෙට්ට දක්කං එනවා.

වැහි කාලෙට තමා මරු ආතල් එක. හේන් වැඩ කරලා, කුඹුරු වපුරලා..හරක් නිදහසේ යවන්ඩ බෑ. උදේ ඉස්කෝලේ පටං ගන්ඩ කලිං දිග කඹ දාලා පුලුපුලුවං තැංවල ගැට ගහලා එනවා. ඒ වුනාට උන්ට ඒ තනකොල මදි.

හවසට ගිහිං උං ගෙදෙට්ට එක්ක එන්ඩ හිතාන කඹය ලෙහපු ගමං උං අස්පයෝ දුවනවා වාගේ වතු පිටි, කැලෑවලට පැනලා වෙඩිලි වාගේ ඒට මේට දුවන්නේ ගාලට අරං ගිහිං ගැට ගහන්ඩ කලිං කොහේ හරි පැනලා බඩ පුරව ගන්ඩ හිතාන.

ඒකට ඒ සත්තුන්ට බැනලා වැඩක් නෑ..

ඒ වුනාට මුං රිංගන ඉඩම් කියන්නේ ජීවමාන අපායවල්.

ඒ කාලේ අපේ ගමේ වැසිකිලි කියලා ජාතියක් තිබ්බේ එහෙමත් ගෙදරක. ගෑනු පිරිමි භේදයක් නැතුව වැඩි හරියක් උං රීවේ උංගේ ගෙවත්ත පිටිපස්සේ තිබ්බ කැලේ. පායන කාලෙට ඕක දවසිං දෙකෙං බලු බෙට්ටක් ගානට වේලෙන හින්දා අව්ලක් නෑ. හැබැයි වහින කාලෙට ඒ ගූ ගොඩවල් පස්,වතුර,පනුවෝ එක්ක කලවං වෙලා තියෙන හැටි දැක්කම වමනේ යන එක නවත්ත ගන්ඩ බෑ. ඒ අස්සේ අර ගොං හරක් පන කඩාන දුවද්දී, උංගේ කරේ ගැට ගහපු ලනුව ( කඹේ) ගැට පිට ඇදෙන්නෙත් අර ගූ ගොඩවල් හූර ගෙන. හරකා කෝම හරි මෙල්ල කරන්ඩ නං අර දුවන හරකගේ කඹේ අල්ලං මොකක හරි පටල ගන්ඩම ඕනෑ. ඒ අල්ලන කඹේ ගූ තැටි තැටි.

මුං ඇති කලා කියලා අපිට හම්බුන අමුතු දේකුත් නෑ. පැටව්ට කිරි මදි වෙයි කියලා අපේ අම්මා අර වැස්සියොන්ගෙං කිරි ගන්නෙත් නෑ. වහු පැටව් මසට ඉල්ලං ආවාට එකෙක්වත් විකුනන්නෙවත් නෑ. උංට සුද්දා, පුල්ලියා, කලුවා, බන්ඩියා කිය කියා නං තියාන උං හුරතලේට ඇති කරනවා.

අපි ගෙදරිං ඒට මේට යන්ඩ ඇරලා , හරක් හොරු ඇවිදිං අපේ අම්මගේ බන්ඩියෝ ටික හොරෙං උස්සං යනවා.

ඊට පස්සේ දවස් දෙක තුනක් යනකල් අපේ අම්මා අර හොරෙං උස්සං ගිය බන්ඩියා ගැන හිත හිත නොකා නොබී වැලපෙනවා.

මං කැම්පස් ගියාට පස්සේ ඒ හරක්ගේ බර තනිකර කරට ගත්තේ අම්මා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here