අද කතා කරන්නේ ලඟදි විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ,නැත්නම් තවමත් අවිවාහක ස්මාටියන්ට වැදගත් වන මාතෘකාවක් ගැනයි.
විවාහක ඔබත් වෙනසකට සැමියා එක්ක සවාරියක් යනවා නම් මේ ලිපිය මඟාරින්න එපා. විවාහ උත්සවයත් එක්ක කාර්‍ය බහුල වෙලා හිටියත් මධු සමය ගත කරන්න යන තැන ඔබ ගැන ඔබ දැනටමත් සැලසුම් කරලා ඇති. පිට රට සවාරියක්, කන්ද උඩරට සවාරියක්, වෙරළබඩ නවාතැන්පොලක රාත්‍රී කීපයක් ගත කරන්න හෝ road trip එකක් යන්න ඔබ දැනටමත් සැලසුම් කරලා ඇති. ඔබ ඒ ගමනට රැගෙන යන බෑග් එක සැලසුම් කරගන්න ආකාරය තමයි මේ කතා කරන්න යන්නේ.
ප්‍රදාන වශයෙන්ම Sun dress, resort wear කියන වර්ග වලට අයිති සැහැල්ලු ගවුම් කීපයක් ගන්න. අත් රහිත, පටි සහිත ඇඟට වඩාත් හිර නොවුනු ගවුම් ගැලපෙනවා. ඒ වගේ ගවුම් වල පින්තූර කීපයක් අපි ලිපියට එකතු කරලා තියනවා. අමතක නොකර තද පාට හෝ කලු පාට ගවුමක් ගන්න. සැමියා සමඟ candle light ඩිනර් එකට යන වෙලාවට ඔබව තවත් හැඩට පෙනෙයි.
ඔබේ හනිමුන් ට්‍රිප් එක යන්නෙ විදෙස් රටකට නම් නම් ගුවන් ගමනේදී සීතලක් දැන්න විට අදින්න වගේම වාහනයක දිගු ගමන් කාලයක් සහිත ප්‍රදේශයක යනවා නම් කැමතිම t shirt එකක් සමග හෝ ,කැමතිම top එක එක්ක
අඳින්න ඩෙනිම් කලිසමක් සහ ලෙගින් එකක් ගන්න. ඕනෑම top එකකට ගැලපෙන්න කලු සහ නිල් වර්ණ තෝරාගත්තොත් ඔබට ඇඳුම් තෝරන වෙලාවට කලබල වෙන්න දෙයක් නෑ.
කපු, ලිනන් හෝ ඩෙනිම් වලින් නිමවූ ශෝර්ට් කීපයක් ඔබේ ගමන් බෑගයට එකතු කරගන්න.එලිපහලියේ ඇවිදින්න යන්න වගේම ඔබේ නවතැන්පොලේ වටපිට නරඹන්න යන්නත් ඔබට ප්‍රයෝජනවත් වෙයි.
මේ මාතෘකාවේ රසවත්ම කොටස් වලින් එකකට තමයි අපි ඇවිත් ඉන්නේ. ජීවීතේ වෙනස් කරන දවස් වලට අලුත් රසයක් එකතු කරන්න නයිටි හවුස්කෝට් වලින් එහා ගිය නිදන ඇඳුම් කීපයක් මිලදී ගන්න. මේ සඳහාම වන සාප්පු, වෙබ් අඩවි වලින් වඩාත් මිල අදික සරාගී පෙනුමක් දෙන තේ්රිම් වලට යන්නත් ඔබට පුලුවන්. ඒ වගේම එදිනෙදා ඔබ යන වෙලඳපලේත් අඩු මිලට සිනිඳු රෙදි වලින් කල නිදන ඇඳුම් කට්ටල ලෙස විකුනන්න තියනවා. මධු සමයට ගෙන යන බෑග් එකේ විශේෂ ඉඩක් සහ අවදානයක් නිදන ඇඳුම් සඳහා දැන්ම වෙන් කරන්න.
ලිපිය කියවන ස්මාටියන්ගේ විශේෂ අවදානයක් යොමු වෙන්න ඕනි මේ කොටසට. සරාගී යට ඇඳුම් කට්ටල කීපයක් ගන්න අමතක කරන්න එපා. විවිද වර්ණ වලින් වගේම වෙනස් පෙනුමක් දෙන සාරාගී ලේස් යට ඇඳුම් ඔබේ ගමන් මල්ලටත් එකතු කරගන්න. ඒ වගේම ඔබ workout ,cycling කරන්න බලාපොරොත්තු වෙනවා නම් sports bra එකක් ගන්නත් අපි ස්මාර්ට් ඔබට මතක් කරනවා.
අව්වෙන් වැස්සෙන් ,සීතලෙන් ආරක්ශා වෙන්නත් සැහැල්ලු ගවුමක් සමග ගලපන්නත් කාර්ඩිගන් එකක් හෝ සැහැල්ලු ජැකට් එකක් අරන් යන්න. උදෑසන සීතලත් සමඟ එලිපහලියට යන ඔබට මේවා ප්‍රයෝජනවත් වෙයි.
බිකිනි හෝ නාන ඇඳුම් දෙකක්වත් ඔබේ ගමන් මල්ලට එකතු කරගන්න.
ඔබ තෝරාගත් ඩෙනිම්, ශෝර්ට් වලට ගැලපෙන සැහැල්ලු ටී ශර්ට්, ස්කිනි, ශර්ට් කීපයක් ගන්න.ඔහුගේ ඇඳුම් වල පාටට ගැලපෙන්න ගත්තොත් පින්තූර වලට තවත් ලස්සන වෙයි.
පාවහන් ලොකු මල්ලක් අරන් යනවාට වඩා ඇඳුම් වැඩි ප්‍රමානයකට පොදුවේ ගැලපෙන ජෝඩු කීපයක් විතරක් තෝරාගන්න. sandles, high heels, sneakers ,flip flop කියන වර්ග වලින් තෝරගන්නකෝ.
ඔබ විදේශ ගත වෙනවා නම්
මේ ලියවිලි සියල්ලේම ෆොටො කොපියක් ඔබේ නිවසේත්, චායාරූපයක් ජංගම දුරකතනයේත් තියාගන්න.
එදිනෙදා ඔබ පාවිච්චි කරන බෙහෙත් ද්‍රවය කීපයක් පොඩි මල්ලකට දාගන්න. උදාහරණයක් විදිහට , ඇස්ප්‍රීන්, සමහන් ,සිද්දාලේප , ප්ලාස්ටර්, පුලුන්, බැන්ඩේජ්, වගේ දේවල්
අමතක කරන්න එපා, ඔබට දෙවනි දවසෙත් මනාලියෙක් ලෙස සැරසෙන්න වෙන බව. ඒ නිසා ඔබේ රුව රැක ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා පහත සඳහන් දේවල් ගන්න
ඔබ නවතින හෝටලයෙන් ඔබට ශැම්පු, කන්ඩිශනර්, ලෝශන්, dental kit, සබන් වගේ දේවල් අනිවාර්‍යෙන් දෙනවා. ඒත් ඔබට සුපුරුදු වර්ග තියනවා නම් ඒවා රැගෙන යන්න. ඔබේ පෙනුම ගැන අතිශයෙන් සැලකිලිමත් වෙන්න ඕනි වෙලාවක ඔබ ඉන්න නිසා පුරුදු brands ඔබට පහසු වෙයි. විවාහයට පෙර දවස කාර්‍ය බහුල වෙන නිසා කලින්ම මේ ලැයිස්තුවත් සූදානම් කරගන්න.
ඔබේ මදුසමයේ රස වැඩි කරගන්න මේ දේවලුත් අරන් යන්න
ඔබ නවතින තැන ලිපිනය, දුරකතන අංකය සහ සංචාරක සැලැස්ම (ගුවන් ගමන් පිලිබඳව විස්තර) ඔබේ පවුලේ අයට හෝ විශ්වාසවන්තයෙකුට දීලා යන්න අමතක කරන්න එපා. ඔබ විදේශ සංචාරයක යෙදෙනවා නම් ඔබේ නව දුරකතන අංකයත් එහි ගිය ගමන් ඒ අයට ලබා දෙන්න.
ඔබ මදුසමය ගත කරන අතර විවධ අවශ්‍යතා සඳහා ඔබව සම්බන්ද කර ගැනීමට සැපදුක සොයා බැලීමට පවුලේ අයට අවශ්‍ය වෙයි. එවැනි වෙලාවක ඔබව සම්බන්ද කර ගැනීමට නොහැකි උවහොත් මේ දේවල් ඔවුන්ට ප්‍රයෝජනවත් වෙයි. මධුසමයට සැරසෙන ස්මාර්ටියන්ට ස්මාර්ට් ලේඩි අපෙන් උණුසුම් සුභ පැතුම්.
Saru FM Media