හදිසි අනතුරු නිසා පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ

0
9


හදිසි අනතුරුවලට ලක් වූ පුද්ගලයින් 412 දෙනෙකු පසුගිය 13 සහ 14 දින දෙකෙහි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර තිබෙනවා. 

ඉන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසුවේ.

Neth Sound · DR INDIKA 01

මේ අතර බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවා.

Neth Sound · SSP MANATHUNGA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here