හදවතට ගුණ පීනට් බටර් විත් හනි මිල්ක් ෂේක්

0
11


විවේකි මොහොතක, සුපුරුදු ඒකාකාරී ජිවන රටාවෙන් මොහොතකට මිදෙන්නට…

පීනට් බටර් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතර මී පැණි වලින් ශරීරය  ශක්තිමත් කරනවා. එසේම හදවතටත් ගුණදෙයි. ශරීර ශක්තිය වැඩි කරයි. සමට හිතකරයි. ඉතින් මේ සියලුම දේවල් එක්වී සැකසෙන මිල්ක්  ෂේක් විඩාව දුරලන කදිම බීමකි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • චොකලට්  අයිස් ක්‍රීම් ස්කුප් 2
  • පීනට් බටර් මේස හැඳි 2
  • චොකලට් රස කිරි කෝප්ප  බාගයක්
  • මී පැණි තේ හැඳි 2
  • බැදගත් කජු කැබලි 3 / 4ක්

සාදන ක්‍රමය:

කජු කැබලි රෝස්ට් කර බ්ලෙන්ඩරයට දමා කුඩු කරන්න.  බ්ලෙන්ඩරයට අයිස්ක්‍රීම්, පීනට්  බටර්,චොක්ලට් රස කිරි, මී පැණි දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න. උස වීදුරුවක් ගෙන එයට මිශ්‍රණය දමා ඉතිරි මී පැණි සහ කජු දමා සරසා ශීතකරණයේ තබන්න. සිසිල් වූ පසුව පිළිගන්වන්න.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here