සෞදියට අයත් කේසී-135 ගුවන් යානා 5ක් විනාශයි

0
3

සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුරට ඉරානය මෑතකදී එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කේසී-135 වර්ගයට අයත් ඇමෙරිකානු ගුවන් යානා පහකට හානි වී ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබේ.

කේසී-135 වර්ගයේ ගුවන් යානා උඩුගුවනේ දී ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානාවලට ඉන්ධන සපයනු ලබයි.

කෙසේ වෙතත් ඉරාන මිසයිල ප්‍රහාරයෙන් එම ගුවන් යානා පහ සම්පූර්ණයෙන් විනාශ වී නොමැති බවත් ඒවා අලුත් වැඩියා කරමින් තිබෙන බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කළේය.

එසේම ඉරාකයේදී පසුගියදා තවත් කේසී-135 ගුවන් යානයක් කඩාවැටුණු අතර එහිදී එහි ගමන් ගත් ඇමරිකානු හමුදා සාමාජිකයන් හය දෙනා ජීවිතක්ෂයට පත්විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here