සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW:

මෙවර චැම්පියන්ස් කුසලාන ලීග් තරගාවලියේ පෙරමුණේම සිට දක්ෂතා දක්වන සෝන්ඩර්ස් කණ්ඩායමට පෙබරවාරි 7 වන දා නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීසට සිඳු වුණේ ශාන්ත මේරි කණ්ඩායමේ දක්ෂ ක්‍රිඩා විලාශය නිසයි.ශාන්ත මේරි කණ්ඩායමේ ජෝන් ලවානි හත්වන විනාඩියේදී සහ සෙබස්ති අරුල් 30 වන විනාඩියේදී ලබා ගත් ගෝල 2 නිසා සෝන්ඩර්ස් කණ්ඩායම තරගයේ පළමු අර්ධය නිමා කළේ ගෝල 0 – 2 ක් ලෙස පසුපසින් සිටිමින්.එහෙත් පළපුරුද්ද සහ හැකියාව මතු කර ගනිමින් දෙවන අර්ධයේ ක්‍රියාත්මක වුණ සෝන්ඩර්ස් කණ්ඩායම තරගය ජය ගැනීමට අපොහොසත් වුණත් ගෝල 2-2 ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව කෙළවර ගැනීමට සමත් වුණා.සෝන්ඩර්ස් නායක ඉන්දීව උදාර 56 වන විනාඩියේදී සහ 84 වන විනාඩියේදී ෂියාඩ් මුෆාර්ෂඩ් ගෝල ලබා ගැනීමට සමත් වුණා.

පෙලිකින්ස් කණ්ඩායමට සුපිරි අට වටයේ දී ජයග්‍රහණය අත් කර ගනිමින් සොලිඩ් කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස එම තරගය ජය ගැනීමට සමත් වුණා.පළමු අර්ධය ගෝල ලබා ගැනීමට දෙපිළම අසමත් වූ අතර දෙවන අර්ධයේදී 63 වන විනාඩිය ගෙවෙන තැනදී සෙල්වම් සුදර්ශන් ක්‍රියාත්මක වෙමින් පෙලිකන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සනාත කරන ගෝලය ලබා ගත්තා.

සුපිරි කණ්ඩායම් අට අතරට ඒමට නොහැකි වුව ද,සමස්ත තරගාවලියේ තමන්ගේ ශ්‍රේණිගත ස්ථානය තීරණය කිරීමේ තරග සඳහා සහභාගි වෙමින් සිටින ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය මාතර සිටි ලීග් කණ්ඩායම පරාජයට පත් කරමින් ගෝල 1-0 ක ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වූ අතර මොරගස්මුල්ල කණ්ඩායම ගෝල 2 ක් ලබා ගනිද්දී ගෝල 4 ක් රැස් කළ සුපර් සන් කණ්ඩායම එම කාණ්ඩයේ පෙරමුණට එමින් මොරගස්මුල්ලට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වුණා.

එම කාණ්ඩයේ සුපර් සන් පෙරමුණේ රැඳෙන අතර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සුපිරි අට වටයේ පෙරමුණ රඳවා ගන්නට තව දුරටත් සමත්ව සිටිනවා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here