සෝන්ඩර්ස් නොපැරදීම පහළට වැටෙයි

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 18, කොළඹ LNW:

මෙවර චැම්පියන් ජාතිත පාපන්දු ලීග් තරගාවලියේ පෙරමුණේම රැදුණු කණ්ඩායමක් වන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සුපිරි අට වටයේ ප්‍රතිපල අනුව තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.කිසිඳු තරගයක් පරාජයට පත් නොවී එවන් ඉරණමකට පත්වීම කණගාටුදායක තත්ත්වයක් වන අතර සුපිරි අට වටයේ දී අනපේක්ෂිත ලෙස ඔවුන් මේ දක්වා තරග කළ තරග තුනෙන් දෙකක්ම ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා මේ ඉරණමට මුහුණ දීමට සිඳුව තිබෙනවා.

මේ අනුව සුපිරි අට වටයේ කණ්ඩායම් අතර පෙරමුණ ගැනීමට පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටින අතර දෙවන තැන සිටින්නේ සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජයයි.පෙලකන්ස් කණ්ඩායම තරග දෙකක් ජයගෙන එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර තිබෙනවා.සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය තරග දෙකක් ජයගෙන එක් තරගයකින් පරාජය ලබා සිටිනවා.සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය තරග දෙකක්ම ජය පැරදුමෙන් තොරව නිමාවට පත් කරගෙන ඇති අතර එක් තරගයක් ජයගෙන තිබෙනවා.

The post සෝන්ඩර්ස් නොපැරදීම පහළට වැටෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here