සොරාගත් දේපළ යළි පවරා ගැනීම: උපකල්පනය මතම පවරා ගැනීමට ඉඩ හදයි!

0
16


කොළඹ LNW:අයථා ලෙස උපයා ගත් වත්කම් යළි පවරා ගැනීමට අදාළ නීතිමය ප්‍රතිපාදන සලසන පනත හරහා චෝදනා ලබන තැනැත්තා විසින්ම දේපළවල නිරවද්‍යතාව ඔප්පු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඒ, අද (08) පාර්ලිමේන්තුවේදී මේ ගැන අදහස් දක්වමිනි.

යෝජිත පනතට අනුව අදාළ වත්කම්, ලැබෙන සාමාන්‍ය ආදායමට ගැළපෙන්නේ නැත්නම් එය අපරාධයකින් උත්පාදනය වූ දේපළ බවට උපකල්පනය කරමින් පවරා ගැනීමේ හැකියාව පවතින බවයි මන්ත්‍රීවරිය සඳහන් කළේ.

ඒ අනුව නඩු විභාගයකින් වරදක් කර ඇති බවට තහවුරු කිරීමට පෙර එම දේපළ පවරා ගැනීමේ හැකියාව පවතින හෙයින් ආණ්ඩුව විසින් ගෙන එන මෙම පනත සුවිශේෂී පනතක් වනු ඇති බව ඇය කියාසිටින ලදී.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here