සොබාදහමේ විශ්මයජනක හමුවීම්:ඇස පිනවා මනසින් විදින්න.සොබාදහම ඔබව සන්සුන් කරාවි!

0
24


කොළඹ LNW: ජායාරූපකරණය කියන්නේ තාක්ෂණය සහ සෞන්දර්යාත්මක මනසක එකතුවක්. එය වෙනම කලාවක්. විශේෂයෙන් පාරිසරික ජායාරූපකරණය කියන්නේ රස සාගරයක් කිව්වොත් වැරද්දක් නැහැ. විශ්මයජනක බව වගේම ත්‍රාසය, භීතිය ඒ රූප කන්ත්දරවල තියෙනවා. ඉතින් පාරිසරික ජායාරූපශිල්පියෙක් කියන්නේ මිනිසුන් අතර විශ්මයදනවන මිනිසෙක්. ඒ ඉවසීම, දරාගැනීම, කැපකිරීම කොයි තරම් ලොකුයි ද කියල ඒ ජායාරූප අපට කියල දෙනවා. එක ක්ලික් එකකට ඔහු හෝ ඇය දරන වෙහෙස ඇත්තටම විශ්මයජනකයි. සොබාදහමේ අපූර්වත්වය කියන්නේ අපව තව තවත් සොබාදහම වෙත ලංකරන්නක්. සුමට,සිනිදු,හැගීම්බර තැන් වගේම ත්‍රාසය,භීතිය,තේජාන්විත බව පරිසරයේ කොටසක්. එය පින්තූරයකට ගැනීම වෙනම වැඩක්. ඔව් ඇත්තටම ඒක අපූරු වැඩක්.විශේෂයෙන්ම වන සතුන්ගේ ස්වභාවික හැසිරීම් කැප්චර් කිරීම කියන්නෙම හරිම අභියෝගාත්මක, වෙහෙසකර අත්දැකීමක්. හැබැයි එහි අග්‍රඵලය අත්පත් කරගැනීම කියන්නේ ඒ වෙහෙස ක්ෂණයෙන් අතුරුදන්ව යාමක්.

ඉතින් අපි හිතුවා එහෙම අපූරු රූප කනත්දර ටිකක් ඔබට සමීප කරන්න. පාරිසරික ජායාරූප කලාවේ සම්මානයට පාත්‍ර වුණු ජායාරූප කියන්නේ ඇත්තටම ඇස පිනවා මනස සන්සුන් කරන්නක් කිව්වොත් වැරදි නැහැ. එහෙම අත්දැකීම් සුලබත් නැහැ. මහ පොළවේ ඒ වගේ සුන්දර කතන්දර තියෙනවා කියල දැනෙද්දී කවුරුවත් මේ පොළවට වැරැද්දක් නම් කරන්නේ නැහැ.ඒවා එපමණටම සංවේදියි. ඉතින් පාරිසරික මිතුරන් ලෙස තව තවත් සොබා සුන්දරත්වයට ලං වෙන්න ඇසින් දැක මනසින් විදින්න.බලාගෙන යන්න ලාංකේය සලකුණකුත් නැතුව නෙවෙයි.

1. Winner: “African Leopard Fight” by Kevin Dooley, USA

2. “Bengal Tiger” by Krishna Daga, India

3. “African Lion Cubs” by Keith Bannerman, USA

4. “Masai Giraffe and Calf” by Thomas Nicholson, USA

5. “Canada Lynx” by Thomas Vijayan, Canada

6. “South American Tapir” by Marcio Cabral, Brazil

7. “Puma Cubs” by Ralph Lee Hopkins, USA

8. “Indian Pangolin and Pup” by Heshan Peiris, Sri Lanka



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here