සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන් අද

0
3

‘දිට්වා’ සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදුවූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන ආරම්භ කිරිමට සහ වන්දි ප්‍රදානය කිරිම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (6) මහනුවරට පැමිනීමට නියමිතය.

මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කිහිපයක්ද ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වවෙයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

මේ අතර මහනුවර – යාපනය A-9 මාර්ගයේ මහයියාව උමං මාර්ගයෙහි ඉදිකිරීම් ඇරඹීම සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් හෙට (7) යළි ඇරඹීමද නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍යය අංශය සදහන් කළේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට සහ පූර්ණ හා අර්ධ වශයෙන් නිවාස හානි සිදුවූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීම කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බවය.  

ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත ස්ථානය හෝ යන්ත්‍රෝපකරණ ආදිය හානි වූ පුද්ගලයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 2 බැගින් ලබාදීමට නියමිතව ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here