සුවකළ නොහැකි නමුත් පාලනය කළ හැකි කාන්තාවන් අතර බහුල PCOS තත්වය

0
13


PCOS හෙවත් Polycystic Ovary Syndrome ලෙස හැඳින්වෙන්නේ කාන්තාවන් බොහොමයක් අතර පවතින හෝමෝනමය වෙනස් වීමක් නැතහොත් හෝමෝන අසමතුලිත බවක් නිසා ඇතිවන තත්වයක්. මෙය බහුලව වර්ථමානයේ කාන්තාවන් අතර දකින්න පුලුවන් තත්වයක්. ලංකාව තුල මේ පිළිබද නිසි සමීක්ෂණයකින් ලබා ගත් දත්ත නොමැති වුවත් කාන්තාවන් පස්දෙනෙකු අතරින් එක් අයෙකුටවත් මේ රෝගී තත්වය දැකිය හැකි බව වෙද්‍යවරුන් පවසනව.

සාමාන්‍ය නිරෝගී කාන්තාවකට සිදුවන ආකාරයට මාස්පතා ඩිම්බ මුදා හැරීමක් සිදුනොවීම මේ තත්වයට හේතු වනවා. බොහෝ විට PCOS හඳුනාගන්නේ අක්‍රමවත් ආර්ථවය නිසා පරීක්ෂා කිරීම හේතුවෙනි. නමුත් කල් ඇතිව මේ රෝගී තත්වය හදුනා ගැනීම හා පාලනය තුලින් බොහෝ ගැටලුකාරී තත්වයන් කාන්තාවන්ට මග හරවා ගන්න පුලුවන් . වැදගත් වන්නේ කල් ඇතිව හදුනා ගැනීමයි. ඒ සදහා රෝගලක්ෂණ පිළිබද දැනුම වැදගත් .

එක් එක් කාන්තාවකගෙන් කාන්තාවකට මෙය වෙනස් වන්නට පුලුවන්. මෙහිදී අප කතා කරන්නේ පොදුවේ බහුතරයකගේ ප්‍රධාන රෝග ලක්ෂණයි. මේවායින් එකක් හෝ කිහිපයක් තිබිය හැකියි.

මෙවැනි රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන කාන්තාවන් අතර වුවත් PCOS තත්වය තිබිය හැකියි.

මේ සඳහා නිශ්චිත හේතුවක් මේ වන විටත් සොයාගෙන නැහැ. එක් එක් අයගේ සිරුරේ ආකාරයට හේතුව වෙනස් වන්නට පුලුවන්.

ජානගත ව ඇති වන්නට පුලුවන්. බොහෝ විට මවගෙන් දියණියට ඇති වීමේ ඉඩකඩ සහිතයි.

ඉන්සියුලින් ප්‍රතිරෝධය බලපාන්නට පුලුවන්. නිසි පරිදි ඉන්සියුලින් ක්‍රියාත්මක නොවීම නිසා වැඩිපුර ඉන්සියුලින් අවශ්‍ය වීම මත ඩිම්බ කෝෂවලින් වැඩිපුර පුරුෂ හෝමෝන නිපදවනවා. මේ සඳහා බොහෝ විට සිරුරේ අධික බර හේතු වෙනවා.

වෛද්‍යවරු පවසන පරිදි සිරුරේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයක් මේ සඳහා බලපාන්නට හැකියාව තිබෙනවා. මෙයටත් සිරුරේ අධික බර හේතු වෙනවා.

වසරක් ඔසප් චක්‍ර ගණන 8ට වඩා අඩුයි නම්, දිගින් දිගටම ඔසප් චක්‍රය අක්‍රමවත් නම්, බර අධිකව වැඩි වෙනවා නම්, අනවශ්‍ය රෝම වර්ධනය වැඩි නම්, ඔබ වෛද්‍යවරයෙකු හමු විය යුතුයි. ඔබ හමුවිය යුත්තේ Endocrinologist කෙනෙක්.

බොහෝ විට ඔබට ආහාර පාලනයෙන් බර අඩු කරගැනීම මගින් මෙම තත්ත්වය සමනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. එසේ නොවුණහොත් බෙහෙත් මගින් පාලනය කරන්නට පුලුවන්.

නිවැරදි ආහාර රටාවත්, ක්‍රමවත් ව්‍යායාම් සමග ක්‍රියාශීලී ජීවන රටාවක් ගෙනයාම මගින් ඔබට මෙවන් තත්ත්වයන්ගෙන් වැළකෙන්නට හැකියාව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here