සුව ඇමති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව අමතයි

0
4


ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම සමුළුව අමතා තිබෙනවා. 

සෞඛ්‍ය සේවය සඳහා තිරසාර මූල්‍ය පහසුකම් සැපයීමේ අවශ්‍යතාවය, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමුළුව හමුවේ අවධාරණය කළ බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. 

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වී සිටිනවා. 

ලබන 27 වනදා දක්වා පැවැත්වෙන එම සමුළුවේ මෙවර තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here