සුපිරි 8දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.
එම තරගය පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.
විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ පළමු තරගය ඊයේ (21) පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සල්මන් අගාගා මුළින්ම පන්දුවට පහරදීමට තීන්දු කළ ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට නොනවත්වා ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට තීරණය විය.
ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.
Saru News
















