සුදු වෙන්න කියලා Whitening Cream ගාන්නේ බලාගෙනයි!

0
5

සුදූ කියන්නේ අප අපේ ආදරණීයයන් අමතන වැකියක්. කළු දුඹුරු මේ ඔක්කොටම අප ආදරේට සුදූ කියලයි කතා කරන්නේ. මේ ආකල්පය නිසාද මන්දා බහුතරයක මනාපය සම පැහැපත් කරගන්නයි. සරලව කියනවානම් ඔක්කෝටම ඕනා සුදු වෙන්න…

අප උරුමකම් කියන්නේ නිවර්තන කලාපීය දේශගුණ රටාවකට. ඉතින් ඇති පදමට තිබෙන හිරු එළියෙන් අපට අඩුවක් නැහැ. ඉතින් එදිනෙදා ජිවිතයේ නිරායාසයෙන්ම සම මත පතිත වන මේ හිරුකිරණ වලින් මිදී සම සුදු පැහැති කර ගැනීමට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව අමුතුවෙන් කියන්න අවැසි නැහැ.

මේ ආලේපන නිසා ….

අපේ සම තලෙළු වන්නේ මෙලනින් නමැති වර්ණකය මඟින්.ඉතින් මෙලනින් තමා හිරුඑළියෙන් අපේ සම ආරක්ෂා කර දෙන්නේ.මෙලනින් වැඩි වන තරමට සමේ තද පැහැය වැඩි වනවා.ඉතින් සුදු වෙන්න කියලා මේ මෙලනින් ස්ථරය අවම කරගැනීම තමා අප කරන්නේ.කෙටියෙන් කිවුවොත් සමේ ආරක්ෂාවට ඉන්න ආරක්ෂකයාව පළවා හරිනවා.

ඇත්තටම සම සුදු වෙනවාද ?

සම සුදු පැහැ කිරීමට බ්ලීචින් නම් රසායනය ආලේපන වලට එකතු කරනවා. එම ආලේපන දින 3 ,4 ක් එක දිගට ගැල්වූ විට සම සුදු පැහැ ගැන්වෙන්නේ ඒ නිසයි. සමේ පැහැය සුදු වුවත් එය දීප්තිමත් සමක් වෙන්නේ නැහැ. මෙයින් සිදු කරන්නේ මෙලනින් වර්ණක ඉපදවීම වැළක්වීම හෝ මෙලනින් විනාශ කිරීමයි. නැතහොත් මෙලනින් වර්ණක සමේ සෛල කරා යාම නතර කරයි. මෙම තත්ත්වය දිගු කාලීනව ඉතා බරපතල තත්ත්ව ඇති කරන්නක්.

කෘතීම සුදු පැහැයේ බරපතලකම දන්නවාද?

සමේ පිළිකා අවදානමක් ඇතිවීම මින් ප්‍රධාන වනවා. ඒ පාරජම්බුල කිරණ සම මතට පතිත වීම නිසාවෙන්. සමේ සංවේදීතාවය වැඩි වන අතර ඉදිමුම් ස්වභාවයක් දකින්නට පුළුවන්.

හානිකර අව්වේ ගියොත් පමණද?

සම අසාමාන්‍ය ලෙස සුදු පැහැ කල පසුව හිරු රැස් පමණක් නොව රූපවාහිනී තිරය, පරිගණක තිරය, සුදු පැහැ බල්බවල එලිය අපහසුය. නිතර සමේ බිබිලි වැනි දෑ ඇතිවේ. එසේ වීමෙන් සම වඩාත් අව පැහැයක් ගනී. විවිධ අසාත්මිකතාවයන්ට ලක්වීමේ ඉඩ කඩ වැඩි වන අතර ඉන් පසු තිබුණාටත් වඩා අඳුරු සමක් දක්නට ලැබේ.

ඉතින් සුදු වෙනවද දීප්තිමත් නිරෝගී සමක් පවත්වාගෙන යාමට වෙහෙස වෙනවාද කියා දෙවරක් සිතිය යුතු වනවා.

– චම්මි –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here