නීතිවිරෝධීව ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා දෙකක් සමග ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
යාපනය කෝවිලන් ප්රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
ශ්රී ලංකා නාවික හමුදාව පවසන්නේ, ඊයේ (20) රාත්රී කාලයේ, මෙම සෝදිසි මෙහෙයුම ක්රියාත්මක කළ බවය.
මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.
Saru News







