නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW:
ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන අනෙකුත් ආසියානු කණ්ඩායම් හා සසඳද්දි අවම පහසුකම් සමඟ සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එහි ඇති අධික ශිතලෙන් ද බැටකමින් පදක්කම් වෙනුවට තමන්ගේ ඉහළ දක්ෂතා සිය අලුත් අත්දැකීම ඉදිරියේ නෙලා ගන්නට උත්සාහ දරමින් සිටිනවා.මේ වන විටත් මලල ක්‍රීඩාව පරිපාලනයට කණ්ඩායමක් නොමැති අතර ක්‍රීඩා විශාල ප්‍රමාණයක් සමඟ මලල ක්‍රීඩාවට ද ක්‍රීඩා අමාත්‍යංශය ඊට සුවිශේෂී නොවූ සාමාන්‍ය හැන්දකින් බෙදා කටයුතු කරනවා.අමාත්‍යංශය එක එක ක්‍රීඩාවට සුවිශේෂි වූ හැදි භාවිතා නොකිරීම ගැන අපගේ විරෝධයක් නැති අතර එහෙත් ඒවාට හොඳ හැන්දකින් බෙදා ගන්නට ඉඩ දී නිලවරණය පැවත්වීම ඉක්මන් කිරීම පමා කිරීමනම් පිළිගත නොහැකියි.
මේ නිසාම විශේෂ කොට සැළකිමක් කරමින් ඔවුන්ට ඇඳමේ සිටම අනන්‍යතාවයක් හදනු වෙනුවට කීඩා අමාත්‍යංශය වගකීම කර ගෙන ඇත්තේ තරගය පැවත්වෙන රටට අවශ්‍යය වීසා සහ ගුවන් ටිකට් සමඟ පටවා යැවීමයි.පරිපාලන ඒකකයක් තිබුණ ද කාලයක් තිස්සේ ඒවා අතින් ප්‍රධාන වශයෙන් අවම සැළකිළි ලැබුණේ ක්‍රීඩකයන්ට වන අතර මලල ක්‍රීඩා පරිපාලනය ආසන්න ඉතිහාසයේ හොඳ පරිපාලනයක් සහිතව ක්‍රියාත්මක වුණේ නැහැ.පත්වන ඉහළ නිලධාරීන්ගේ ජාත්‍යන්තර ජයග්‍රරහණ හෝ ජාතික මට්ටමේ ජයග්‍රහණ සහිත ඉතිහාසය ගැන වර්ණනාවලින් මිස ක්‍රීඩකයන්ගේ හැකියාවන් වර්ණවත් කළ හැකි සැළසුම් සමඟ හොඳ පරිපාලනයක් මේ මොහොතේ හෝ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයට ලබා ගත යුතුය තිබෙනවා.
කෙස් වුව ද මේ අවාසනාවන්ත පරිපාලන ව්‍යහුය නිසා නිසි අවධානයට ලක් නොවෙමින් ද,තමන්ට නුහුරු ක්‍රීඩා පරිසරයකදී මෙන්ම නුහුරු දේශගුණික අත්දැකීමකින් ද පීඩා විඳිමින් හත් දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ තිදෙනෙකුම නව ජාතික ගෘහස්ථ වාර්තා තැබීම අගය කළ යුතු වෙනවා.
නව වාර්තා තැබීම් අතර කැපී පෙනෙනම ක්‍රීඩිකාව වූයේ මධුශානි හේරත් ය.ඇය නව ජාතික ගෘහස්ථ වාර්තා දෙකක් ඇය සතු කර ගත්තාය.මධුෂානි විසින් විදූෂා ලක්ෂානි සතුව තිපූ ගෘහස්ථ තුන් පිම්ම වාර්තාව වන මීටර් 12.51 ක දක්ෂතාවය ඉක්මවා මීටර් 13.10 ක දක්ෂතාවයක් දක්වන්නට යෙදුණා.එසේම ඇය මීටර් 6.11 ක දක්ෂතාවයක් දක්වමින් එන්සීඩී ප්‍රියදර්ශණී සතුව පැවති මීටර් 6.06 ක් වූ ජාතික ගෘහස්ථ වාර්තාවේ නව හිමිකාරීත්වය ප්‍රියදර්ශණීගෙන් පවරා ගත්තා.
ශ්‍රී ලංකාව උස පැනීමේ ඉසව්වෙන් ලෝකයේ ඉහළ තැනෙකට රැඟෙන යාමට මූලික වූ මංජුල කුමාර විජේසේකර තුන් පිම්ම ඉසව්වෙන් තැබූ වාර්තාව බිඳ දමන්නට පසිඳු මල්ෂාන් සමත් වෙනවා.පසිඳුගේ නව වාර්තාව සඳහන් වන්නේ මීටර් 15.70 ක් දක්ෂතාවයක්.මංජුලගේ දක්ෂතාවය සඳහන්ව තිබුණේ මීටර් 15.25 ක් ලෙසයි.
මෙත්මි විජේසූරිය ශ්‍රී ලංකාවේ නව ජාතික ගාහස්ථ වාර්තාවකට හිමිකම් කියමින් මීටර් 3000 ඉසව්ව විනාඩි 9.22.97 න් තරගය නිමා කරන්නට සමත් වුණා.ඇයට පෙර එම ඉසව්වේ ජාතික වාර්තාව තබා තිබුණේ හිරුණි විජේරත්නයි.ඇය එම ඉසව්ව වෙනුවෙන් විනාඩි 9:46.35 ක කාලයක් වාර්තා කර තිබුණා.
Saru News








