සිහින් ආකර්ෂණීය දෙපා යුගළකට හිමි කම් කියන්නේ කොහොමද?

0
12


දැන් කාලයේ සෑම කාන්තාවක්ම තම දෙපාවල සුන්දරත්වය ගැන හිතන්න යොමු වෙලා ඉන්නවා. ඒ කාන්තාවන්ට තම සිරුරේ සුන්දරත්වය විදහා පෑමට ඇය සතුවන ආකර්ෂණීය සිහින් දෙපා සමත් වන නිසා. ඒ අනුව කකුල්වල මහත අඩු කර ගැනීම තවදුරටත් ප්‍රශ්නයක් නම් නෙවෙයි.අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඒ ගැන.

වඩාත් මහත කකුල් සිහින් හා ආකර්ෂණීය බවට හැරවීමට වැරදි ආහාර පුරුදුවලින් ඉවත් වීමෙන් මෙන්ම ව්‍යායාම ක්‍රම මඟින් සිදු සිදුකර කර ගන්න පුළුවන්.

කකුල් මහත් වන්නේ ඇයි?

ඔබ මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. අක්‍රමවත් ආහාර පුරුදු මෙන්ම විවිධ ශාරීරික ඉරියව් ද මේ සඳහා බලපානවා. දෛනික ජීවිතයේ අප සිදු කරන්නා වූ ක්‍රියාකාරකම් අඩුවීමද කකුල් මහත් වීමට බලපානවා.

ඒ වගේම කාන්තාවන් වයසට යාමත් සමග ක්‍රියාශීලී බව අඩුවීමද, මේද දහනය අඩු වීම වැනි හේතු ද මේ සඳහා බලපා බලපානවා

මුළු ශරීරයේ වගේම පාදවල මහත වැඩි වීමටත් අහිතකර ආහාර පුරුදු බලපානවා.ඒ නිසා ඔබ පළමුවෙන් කළ යුත්තේ නිවැරදි ආහාර රටාවකට යොමු වීමයි.

වේගවත් හා කාර්යක්ෂම ලෙස කකුල් වල් මහත අඩු කරග ගැනීමට ශාරීරික ව්‍යායාම අවශ්‍යයි. ඒ මගින් කකුල් සිහින් කර ගැනීම මෙන්ම ශාරීරික යෝග්‍යතාවය මනා ලෙස පවත්වා ගැනීමට ද හැකි වනවා.

දිවීම
සිහින් දෙපා ඔබට ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් සතියකට දින හතරක් වත් දිවීම සිදු කළ යුතුයි.

පහර දීම

කකුල්වලින් පහර දීමේ ව්‍යායාම සිදු කිරීම තුළින් ද දෙපා අවලස්සන කරන අධික මහත නැති කර ගන්න පුලුවන.

ඊට අමතරව බයිසිකල් පැදීම ,පඩිපෙළ නැඟීම වැනි ක්‍රම අනුගමනය කිරීම ද යෝග්‍ය වනවා.

දෙපා සම්භාහනය කිරීම මගින්ද පාදවල මහත අඩු කර ගන්න හැකියාව තියෙනවා.පාද සම්භාහනය මෙයට ඉතා කඩිනම් විසදුමක්.ඒ අනුව මද උණුසුම් ජලයෙන් කකුල් සෝදා පසුව ආමන්ඩ් හෝ පොල්තෙත් යොදා සම්භාහනය කළ හැකියි.ඒ මගින් රුධිර සංසරණය වැඩී වීම නිසා කකුල්වල තැම්පත් වී තිබෙන අනවශ්‍ය මේදය ඉවත් වනවා.දිනකට විනාඩි 20ක් මෙලෙස සිදු කිරීම ප්‍රමාණවත්.

දිනපතා පිරිසිදු කිරීම

අනවශ්‍ය රෝම ක්‍රමවත්ව ඉවත් කිරීම

සතියකට එක් වතාවක් හෝ දෙවතාවක් දෙපා scrub කිරීම

Glowing packඑකක් භාවිතා කිරීමට යොමු වීම

මෙම ක්‍රම අනුගමනය කිරීම මගින් කකුල්වල මහත අඩු කර ගනිමින් දෙපාවල ආකර්ෂණීය බව වැඩි කර ගැනීම තවදුරටත් ප්‍රශ්නයක් නම් නෙවෙයි. වඩාත් හොද ප්‍රතිඵල අත්පත් කර ගැනීමට නම් ඉතා ඉවසීමෙන් එම ක්‍රම අත්හදා බලන්න අමතක කරන්න එපා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here