“සිරි දළදා වන්දනාව” සඳහා බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සුවිශේෂී පියවර රැසක්

0
10


“සිරි දළදා වන්දනාව” සඳහා බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සුවිශේෂී පියවර රැසක් ගෙන ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පවසනවා. 

ඇය නෙත් නිවුස් වෙත කියා සිටියේ වීදි වෙළෙන්දන් හදිසි පරික්ෂාවකට ලක්කල බවයි.

Neth Sound · KANDY INDIKA 01

“සිරි දළදා වන්දනාව” සඳහා බැතිමතුන්ගේ පැමිණීමේ වර්ධනයක් අද දිනයේ පෙනී යන බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. 

මෙහි මහනුවර වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර. 

Neth Sound · COR KAMAL 01

පොලීසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ අද දිනය මඟහැර “සිරි දළදා වන්දනාව” සඳහා වෙනත් දිනයක් යොදා ගැනීමට කටයුතු කරන ලෙසයි. 

ඉකුත් 18 වනදා ආරම්භ වූ සිරි දළදා වන්දනාව සඳහා ඊයේ පස්වරු වන විට අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබුණා. 

අද දිනයේ “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීම සඳහා ඊයේ සවස 06.00 වන විට පැමිණ සිටි බැතිමතුන් සංඛ්‍යාව 80,000කට අධිකයි. 

අද දහවල් වන විට එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තවදුරටත් ඉහළ යා හැකි බවටයි පොලීසිය අපේක්ෂා කරන්නේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here