ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව සලසාදෙමින් සිදුකෙරෙන ‘සිරි දළදා වන්දනාව’ තෙවන දිනට අද (20) අවසන් කෙරුණා .
දළදා සමිදුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා දළදා සමිදුන් වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන්ට අවස්ථාව උදාවුණා .
එළැඹෙන 27වනදා දක්වා සෑම දිනකම මධ්‍යාහ්න 12 සිට පස්වරු 5:30 දක්වා කාලයේ ‘සිරි දළදා වන්දනාව’ උදෙසා සැදැහැවතුන්ට අවස්ථාව උදාකර දී තිබෙනවා .
දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් අද(20) දිනයේදී ද මහනුවර නගරයට එක්රැස්ව සිටි බවයි වාර්තා වන්නේ .
දළදා මාලිගයට ඇතුල්වීමට හඳුන්වා දී ඇති ප්‍රවේශ මාර්ග තුන ඔස්සේ ඊයේ (19) දිනයේද 125,000ක අධික සැදැහැවතුන් සංඛ්‍යාවක් දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා එක්ව තිබුණා .
Saru FM Media