සිරි දළදා වන්දනාව අද 08වන දිනටත් – ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දිගු පෝළිම්වල

0
11


මෙරට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ නෙත් සිත් පහන් කළ සිරි දළදා වන්දනාව අද 08 වන දිනටත් මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. 

දළදා සමිඳුන් නෙතින් දැක වැඳපුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් රැය පහන් කරමින් තවදුරටත් දිගු පෝළිම්වල රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු විරාජ් ලන්සකාර.

 

Neth Sound · REP VIRAJ 01

 

ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කර ගන්නවා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

 

 

Neth Sound · COR KAML 01

 

දළදා වන්දනාවට පැමිණ සිටින සැදැහැවතුන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවේ මෙලෙසින්. 

Neth Sound · PEOPLE CUT 01

මේ අතර නැවත දැනුම්දෙන තුරු සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාද ජනතාවගෙන් ඊයේ ඉල්ලා සිටියා. 

ඔහු කියා සිටියේ ජනතාව අපහසුතාවට ලක්වීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.  
 

දිගු පෝළිම්වල රැඳී සිටින සැදැවතුන්ට හඳුනාගැනීමේ ස්ටිකරයක් ඇලවීමට පොලීසිය ඊයේ දිනයේ පියවර ගත්තා. 

ඒ අනුව ඊයේ පස්වරුව වන විට එක් ලක්ෂ 50,000කට පමණ එම හඳුනාගැනීමේ ස්ටිකර් ලබා දී තිබුණා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here