“සිරි දළදා වන්දනා” බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා සියලු කටයුතු සූදානම්

0
16


සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව සේවයේ යොදවා තිබෙනවා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ මෙහෙයවීම මත මහනුවර මහනගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ පුර්ණ අධීක්ෂණය මත මෙම සියලු කටයුතු සිදුවෙනවා.

නගරයේ සියලුම ආහාර පරිහරණ ස්ථාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂා කරන අතර ඒ් අනුව ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරනවා.

මෙම කාලය තුළ පවත්වනු ලබන සියලුම ආකාරයේ දන්සල් මහනුවර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර එම සියලුම දන්සල් සහ වීදි ආහාර සපයන ස්ථාන නිරන්තරයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂාවට ලක් කෙරෙනවා.

මහනුවර නගරය පිරිසිදුව සහ අලංකාරව තබාගැනීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ විධිමත් කසල බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති අතර පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස හා කසල නිසි තැන්වලට බැහැර කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

බැතිමතුන්ගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ජංගම වැසිකිලි 150ක් ස්ථාපිත කර ඇති අතර ඒවායේ අපද්‍රව්‍ය බැහැරලීම නාගරික අපජල ව්‍යාපෘතිය හරහා සිදු කරනවා.

බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා විධිමත් ජල සැපයුමක් පැය 24 පුරා ක්‍රියාත්මක අතර එම ජලයේ සුරක්ෂිතතාවය සෑම පැයකට වරක්ම පරීක්ෂා කෙරෙනවා.

ආරක්ෂක අංශ සාමාජිකයන් නවාතැන් ගන්නා ස්ථානවල සනීපාරක්ෂක කටයුතු, ආහාර සැපයුම, බෝවන රෝග මර්ධනය පිළිබදවඳ නිරන්තර අධීක්ෂණය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය කණ්ඩායම් යොදවා තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here