සිරි දළදා ප්‍රදර්ශනයට සියල්ල සූදානම්

0
18


ලබන 18 වනදා ආරම්භ වන සිරි දළදා ප්‍රදර්ශනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව මල්වතු මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් පවසනවා. 

උන්වහන්සේ සඳහන් කළේ ලොව පුරා වෙසෙන සියලු බෞද්ධ ජනතාව වෙනුවෙන් මෙම දළදා ප්‍රදර්ශනය විවෘත බවයි. 

Neth Sound · RATHANAPALA HIMI 01

සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන සියලු ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සම්පාදනය කර අවසන් බවයි උන්වහන්සේ සඳහන් කළේ. 

Neth Sound · RATHANAPALA HIMI 02

මේ අතර සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here