සිනමාවේ සුපිරි ප්‍රේමවන්තයාගේ සත්‍ය ප්‍රේම කතාව

0
11


“තුම් පාස ආයේ

යූ මුස්කුරා යේ

තුම්නේ නා ජානේ ක්‍යා සප්නේ දෙකායේ”

මේ සින්දුව මම හිතන්නේ වයස කීයක වුනත් කෙනෙක්ට නුපුරුදු ගීතයක් නෙවෙයි.

මුලින්ම විකාශනය වුණ දවසෙ ඉඳල අද දක්වාම එකම විදියට ජනප්‍රියත්වය තියාගෙන තිබුන මේ ගීතය ගැන නම් නෙවෙයි අපි අද කතාකරන්නේ.

ඉන්දියාවේ ඉඳල ලංකාවේ ඉන්න අපේ හිත්වලත් ආදරයේ සුන්දරම වදන් වලින් හිත සනසපු, නලවපු බොලිවුඩයේ King of Romance හෙවත් Shah – Rukh Khan ගැන.

ඉන්දියාවේ ඉන්න නලු නිළියන් කියන්නේ කොහොමත් දවසෙන් දවස එක එක විදියේ ආදර පුවත් මවන අය නේ.

හැබැයි මේ වගේ එක එක ආදර කතා මවන නලු නිලියන් අතරෙත් “ආදරණීයම තරු යුවල” විදියට වැජඹෙන දෙන්නෙක් බොලිවුඩයේ ඉන්නවා.

ඒ තමයි Shah-Rukh Khan සහ  Gauri Khan.

SRK – Gauri ආදර කතාවත් Shah-Rukh රඟපාපු බොලිවුඩ් ප්‍රේම කතාවකට දෙවනි වෙන්නෙ නැහැ.

ඒ තරම්ම සුන්දර,සුරංගනා සිහිනයක් වගේ ආදර කතාවත්.

SRK ට Gauri ව මුලින්ම මුණ ගැහුණේ එයාට අවුරුදු 18 දීලු.

ඒ 1984 අවුරුද්දෙදි දෙන්නගෙම යාලුවෙකුගෙ උත්සවේකදි.

ඒ උත්සවේ අතර වාරෙදි ගෞරි නට නට ඉන්නවා දැකපු SRK තමන්ගේ යාලුවගෙන් අහනවා “කවුද මචං ඒ කෙල්ල” කියල. එතකොට යාලුව කියනවා “මගෙ යාලුවෙක්. එයා ඉන්නෙ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එනකම්” කියලා.

හැබැයි ඇත්තටම Gauri ඉඳල තියෙන්නෙ තමන්ගේ සහෝදරයා එනකම්. බෝයි ෆ්රෙන්ඩ් එනකම් බලන් ඉන්නවා කියලා Gauri කියල තියෙන්නෙ තමන්ගෙ පරිස්සමට බවත් SRK එදා දැනගන්නවා.

 SRK අදටත් මතක් කරනවා Gauri එදා මොනතරම් කටකාරවද හැසිරුණේ කියලා.

ඉතින් සින්ඩරෙල්ලා කතාව වගේම මේ සුරංගනා ආදර කතාව පටන් ගන්නෙත් නැටුමකින්.

පාටිය ඉවරවෙද්දි ඇරඹිච්ච මේ ආදර කතාවලටත් අනිත් ආදර කතාවලට තරම්ම ප්‍රශ්න, බාධක ඇවිත් තියෙනවා.

SRK ගේ ප්‍රේමණීය වදන් වලට වගේම මහත්මා ගතිගුණ වලටත් ආදරය කරපු ගෞරිට එයාගේ ගෙදරින් නම් මේ සම්බන්ධයට ලැබිල තියෙන්නේ ඒ තරම් හොඳ ප්‍රතිචාර නෙවෙයි.

ඒ වගේම තමයි ඉතාම ලස්සන වැදගත් ගෞරි තමන්ව අතෑරල ගිහින් වෙන කෙනෙක් එක්ක යාලුවෙයි කියන බයත් මේ තරුණ හාදයට තිබිල තියෙනව. ඉතින් ගෞරි වෙන කොල්ලෙක් එක්ක කතා කරනව දැක්කත්,හිනා වුණත් SRK පොඩ්ඩක් අවුලෙන් ඉන්න එක දරාගන්න බෑ, මේ සම්බන්ධෙ හරියන එකක් නෙවෙයි කියලා Gauri, තමන්ගේ ප්‍රේම සම්බන්ධයට නැවතීමේ තිතක් තියල සමුගන්නවා.

ඒ SRK ට මේ ගැන කිසිම දෙයක් කියන්නෙ නැතුව හරියටම තමන්ගෙ උපන්දිනේට පස්සෙ දවස හොරෙන්ම මුම්බායි වලට ගිහින්.

ඒ තමයි SRK “මේක නිකන්ම සම්බන්ධයක් නෙවෙයි” කියල හරියටම තේරුම්ගත්ත දවස. තමන් හිතෙන් මොන තරම් Gauri ට බැඳිලද කියන කාරණාව මේ සුන්දර ප්‍රේමවන්තයට තේරුම් ගියේ  Gauri තමන්ව දාලා නොකියම ගිහින් කියල දැනගත්ත ඒ මොහොතේ.

දුක දරාගන්න බැරිම තැන SRK තමන්ගේ වේදනාව බෙදාගන්නෙ තමන්ගේ අම්මා එක්ක. අම්මලා ගාව ඕනම ප්‍රශ්නයකට උත්තර තියෙනව කියන එක ඇත්ත නේ. ඒ නිසා මේ අම්මත් තමන්ගේ පුතාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. ඒ තමයි “හිතට ඒ තරම් දැනිච්ච ආදරයක් මේ වගේ ඉක්මනට අතෑර ගන්න එපා, යන්න ගිහින් එයාව හොයාගන්න කියල”. එහෙම කියන අම්මා SRK අතට සල්ලිත් දෙනවා “මුම්බායි වලට ගිහින් කොහොමහරි කෙල්ලව හොයාගන්න” කියලා.

Gauri ව හොයාගෙන මුම්බායි වලට එන SRK ට මුම්බායි පීරුවත් Gauri ව හොයාගන්න පුලුවන් වෙන්නෙ නෑ. මොනතරම් උත්සාහ කරත් “මේක කරන්න බෑ කියල” හිතන SRK මුම්බායි වල මූදු වෙරලට යන්නේ තමන්ගේ හිතේ තියෙන වේදනාව වලට නිදහසේ ගලා යන්න ඉඩ දෙන්න පුලුවන් වෙන තැනක් ගැන එයා දන්නෙ නැති හන්දා.

මතකද චල්තේ චල්තේ චිත්‍රපටයේ රාණිට ආදරය කරන SRK රාණිව හොයාගන්න මොන තරම් නම් මහන්සි වෙනවද කියලා? අන්තිමේ අහම්බෙන් හම්බුනාම මූදු වෙරලට ගිහින් ඒ දෙන්න කතා කරන්නේ?

මේ කතාවත් හරියට ඒ වගේමයි.

සැබෑ ආදරයට ඇරඹුමක් මිස අවසානයක් නෑ කියනව වගේම දෙවියොත් කරන්නෙ මහ අමුතුම දේවල්. “රබ්නේ බනාදී ජෝඩි” චිත්‍රපටයේ කියනවනේ “දෙවියන් විසින් මැවූ ජෝඩු” ගැන. ඉතින් ඒ වගේ දෙවියොම මවපු, ලං කරපු ජෝඩුවක් දෙවියන් විසින්ම ඈත් කරන්න තියෙන ඉඩ ඉතාම අඩුයිනේ.

ඒ විදියට දුක දරාගන්න මූදු වෙරලට ගිය SRK ට මුම්බායි මූදු වෙරලෙදි තමන්ගෙ සදාතනික ආදර කතාවේ සුරඟන, එහෙම නැත්තම් Gauri ව හම්බෙනවා.

SRK ව අතෑරල දාලා ආවට මොකද, සුරංගනා ප්‍රේමයක් තමන්ගේ හිතට අරගෙන ආව ඒ පිස්සු කොල්ලව අමතක කරන්න Gauri ට පුලුවන් වෙලත් නෑ. ඒ දුක මූදු වෙරලෙදි නිදහසේ දිය කරල අරින්න ආව  Gauri – SRK ආදර කතාව හරියටම මුම්බායි මූදු වෙරලෙදි ආයෙමත් ඇරඹෙන්නෙ “අපි ආයෙ කවදාවත් මෙහෙම වෙන් වෙන්නෙ නෑ” කියන පොරොන්දුවත් එක්ක.

මේක තමයි ලොකුම බාධකය කියල දෙන්නම හිතුවට ඊට පස්සෙත් මොන තරම් නම් ප්‍රශ්න මේ ආදර කතාවට එනවද? ඒත් ඒ කිසිම දේකට මේ ආදර කතාව බිඳ දාන්න නම් පුලුවන් වෙන්නෙ නෑ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here