ලාංකේය සිනමාව නොපැවතියේ නම්, තමන් උසස් පෙළ සමත් තවත් එක් ව්‍යාපාරිකයෙකු පමණක් වන බව ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය අවධාරණය කර සිටී.
ඔහු මේ බව අවධාරණය කළේ ලාංකේය සිනමාවට ප්‍රණාමය පුද කරමින් ඔහුගේ රංගන ජීවිතය පිළිබඳව ඇගයීම් උත්සවයකට සහභාගී වෙමිනි. “රංගේන්ද්‍ර රවීන්ද්‍ර” නමැති ඇගයීම් කෘතිය ආකාෂ් තාරුක පෙරේරා විසින් ප්‍රකාශයට පත් කිරීම අලලා මෙම උත්සවය පැවැත්වීය. දඩයම, එක්ටැම් ගේ, ආරාධනා, දුහුල් මලක්, සිරි බෝ අයියා, සෙයිලම, සිරි මැදුර වැනි සිනමා නිර්මාණ රැසකින් රවීන්ද්‍ර රන්දෙණියගේ ප්‍රතිභාව මෙරට සිනමා ප්‍රේක්ෂකයන් වෙත ලබා දී තිබිණි.
එම සිනමා දායකත්වයට ප්‍රණාම පුද කරමින් පැවති උළෙල අලලා, සිරස රූපවාහිනිය නිකුත් කර තිබෙන වීඩියෝව පහත දැක්වේ.
0
Saru News













