සිතට සැනසුම ගෙනෙන මැද මිදුල

0
15


නිවසක් ලස්සන වන්න එහි කිසියම් කලාත්මක බවක්සිරියාවක්ප්‍රසන්න බවක් තියෙන්නට ඕනඉතින් අලංකාරපිළිවෙලකට සැකසූ මැද මිදුලකට පිළිවන් ඔබේ නිවස ඉතාමත්ම ප්‍රියජනක ස්ථානයක් බවට පත් කරවන්නට..

බොහෝ දෙනෙක් මේ සඳහා යොදා ගන්නේ ආලින්දයයිඑහෙත් ඔබ කැමති නම් මැද මිදුලකෑම කාමරයටනිදන කාමරයටනාන කාමරයටහෝ මුළුතැන්ගෙයට හෝ එක් කරගත හැකියිමෙහිදී වැදගත් වන්නේ ඔබේ අවශ්‍යතාවය කුමක්ද යන්න මිස මැද මිදුල සුදුසු කොතනටද යන්න නොවෙයි.

මැද මිදුල නිවසේ විසිත්ත කාමරය ආශ්‍රිතව ස්ථාපනය කරනවා නම්ගස් කොළන් වල වර්ණයන් සමග විසිත්ත කාමරයේ කුෂන්තිර රෙදිබිත්තිවල වර්ණයබිත්ති සැරසිලි ආදිය ගළපා ගන්න පුළුවන් .මින් වඩාත් කලාත්මක පෙනුමක් එක් වෙනවා.

මැද මිදුලක් නැතිව සැලසුම් කළ නිවසකට අලුතින්ම මැද මිදුලක් එකතු කරනවා කියන්නේ එය අධික වියදම් සහිත කාර්යයක්එහෙත් ඔබට අවශ්‍ය නම් නිවසේ වහල පහසුවෙන් ඉවත් කල හැකි ස්ථානයක් සොයා ගෙන මැද මිදුලක් තනා ගන්නට හැකියි.

නිවසේ ඇතුලේ වෙනම බුදු ගෙයක් නොමැති අවස්ථාවක මැද මිදුලේ බුදු පිළිමයක් තබන්නත් පුළුවන්.

ස්වාභාවික ආලෝකය මෙන්ම වාතය නිවසට ඇතුල් වීමට තිබෙන ඉතාමත්ම හොඳ මාර්ගයක් තමා මැද මිදුල කියන්නේඒ වගේම ආරක්ෂාව ගැනත් විශේෂයෙන්ම සැළකිලිමත් විය යුතුයි.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here