සැමියා ඔබට ඇති ආකර්ෂණය නව වසරේ අලුත් කර ගත හැකි ක්‍රම 5ක්.

0
18


විවාහ වුණු මුල් කාලේ කිරි පැණි වගේ නැතිව බැරි ගාණට හිටියට පහු පහු වෙනකොට දෙන්නට දෙන්න මූණ බලල කතා කරන්නේ නැති තරම් ඈත් වෙන එක ගැන බොහෝ බිරින්දෑවරුන් ඉන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයන් ගැන කනස්සල්ලෙන්. අවධානය දිනාගන්න ලොකු පුංචි බේදයක් නැතුව කවුරුත් හැම මොහොතකම කැමතියි. එයා වෙනදා වගේ නෑ කියලා මැසිවිලි කියන බිරින්දෑවරුන් අතරේ smart wife කෙනෙක් වෙන්න ඔබටත් පුළුවන්.

ඔහු තුල ඔබ ගැන තිබූ කැමැත්ත ගිලිහී යාම ඉතාම වේදනාකාරී තත්වයක්.ඔහුගේ කැමැත්ත වෙනත් අතකට යොමු ව ඇත්තේ ඔබ ඔහුට මුල් කාලයේ තරම් අවධානය යොමු නොකළ නිසා විය හැකියි. ලිංගික එක්වීම් සීමාවීම,යුතුකම් වගකීම් හැරුණුවිට නිදහස සතුට වෙනුවෙන් වෙලාව වෙන් නොකිරීම,වෙනදා තරම් ඔහුට සවන් නොදීම, ඔහු ප්‍රිය කරන දේවල් අමතක කිරීම,මුල් කාලයේ තිබූ ඉවසීම, කාරුණික බව පවත්වා ගැනීමට අපොහොසත් වීම,ඔහුගේ කැමැත්ත ඔබෙන් ගිලිහී යන්නට හේතුවී දැයි සොයා බලන්න. දුර්වලතා මගහැර කැමැත්ත වගා කරන්න.කෙටියෙන් කියුවොත් විවාහයට පෙර ඔහු ආදරය කල ඔබේ ගති ගුණ, ඔබේ හැඩරුව ,ආදරණීය බව වෙනස් වෙලා නම් නැවත ඔහුගේ කැමැත්ත තේරුම් අරන් වෙනස් වීම් කරන්න කාලෙ ඇවිත් කියල තේරුම් ගන්න..

ඇවතුම් පැවතුම්, ඇඳුම් පැළඳුම්, කතාබහ මුල් කාලයේ තරම් සුමට නොවුණු විට ඔහු ඔබෙන් ආකර්ෂණීය බිරිඳක් නොදකිනවා විය හැකියි. දෙවඟනක් සේ එදා දුටු බිරිඳ යක්ෂණියක් සේ අද ඔහුට පෙනෙනවා විය හැකියි.වෙහෙසකර දවසේ රාජකාරි එක්ක වෙහෙසට පත් වූ ඔබට පෙර මෙන් ආකර්ෂණීය මොහොතක් සැමියා සමග ගත කරන්න අතපසු වෙන්න ඇති. නමුත් යලිත් ඉවසීමෙන් සවන් දෙමින් ඔහුගේ හිත දිනා ගත් ආකර්ශනීය කාන්තාව වීමට ඔබට යලිත් කාලය උදා වෙලා. හැකි පමණ ක්‍රියාවෙන්,කතාවෙන්, හැසිරීමෙන් ඔබේ ආකර්ෂණය නඩත්තු කරන්න.

“අදත් කඩෙන් මොනවා හරි ගේන්න පුළුවන්ද?” අහන බිරින්දෑවරුන්ට වඩා නිවසේ පිළියෙල කළ රසවත් කෑම වේලක රස බලන්නට ඕනෑම ස්වාමිපුරුෂයෙක් කැමති වන බව නිසැකයි.මුල් කාලයේදී දන්න දන්න ශිල්ප දක්වමින් පිළියෙල කර දුන් කෑම, බිම ටිකෙන් ටික නතර වන විට සැමියාගේ අවධානය ඔබෙන් ගිලිහී යාම පුදුමයට කරුණක් නොවේ. ඔහු ඇතැම් විට සඟවා සිටින නොසතුට ඔබ හදුනා ගත යුතුමයි.ප්‍රතිකාර ඇත්තේ ඔබ සතුවයි.

නිවසේ එදිනෙදා වැඩ කටයුතු වලට දවසේ පැය 24 මදි බවට මැසිවිලි කියන බිරින්දෑවරුන් අතරට ඔබ එක් විය යුතු නැහැ.රැකියාව කරන,දරුවන් බලන, වැඩිහිටියන් සහ නිවසේ ඇති කරන සතුන් රැකබලා ගන්න, අතරතුර තමන්ගේ සැමියා වෙනුවෙන් දවසේ යම් කාලයක් සපුරා වෙන් කරගන්නා සාර්ථක බිරින්දෑවරු කොතෙකුත් ඉන්නවා. කාලය සැලසුම් කර ගත් විට වෙලාව හැමදේකටම ඉතිරිවන බව ඔබට ම පෙනී යාවි. ඒ මොහොත ඔබ දෙදෙනාගේම පමණක් කර ගන්න. හැකිතාක් ඔබ දෙදෙනාගේ රුචි අරුචිකම්, වැරදීම් , සමාව දීම් සදහා මේ වේලාව වැය කරන්න

ඔහුට ඔබ ගැන අවධානය යොමුකරන්නට නොහැකි වී ඇත්තේ ඔහුගේ රැකියාවේ කාර්ය බහුල කම හෝ වෙනත් හේතුවක් නිසා නම් දවසේ ඔහු වෙනුවෙන් ඉතිරි කරගත් වෙලාවක නිදහසේ ඒ ගැන කතා කරන්න.
ප්‍රිය කරන ගමන් බිමන්, එකිනෙකාගේ විනෝදාංශ, ප්‍රිය කරන ආහාර වැනි ඔහුත් ඔබත් මුල් කාලයේ ආදරණීය වූ මාතෘකා මෙනෙහි කරන්න. ඔබේ කැමැත්ත ඔහුට පවසන්න. හැමවිටම මත ගැටුම් වලින් අවසන් වන කතාබහ වෙනුවට, අපවාද අවලාද දෝෂාරෝපණ වෙනුවට සතුටින් කතා කරන්න. කතා බහ කිරීමෙන් බොහෝ ගැටලු විසදා ගත හැකියි. ඔබ දෙපලටම මගහැරුණු සතුට යළිත් ගෙන්වා ගන්නට වෙහෙසෙන්න.

මේ දේවල් සියල්ල තුලින් ඔබ බලාපොරොත්තු විය යුත්තේ ඔබේ අතපසු වීම් නිසා ඔබෙන් දුරස් වන සැමියා නැවත ඔබ වෙත ආකර්ශනය කර ගැනීමයි. ඔබ දෙදෙනාගේ බැදීම් ඔබ දෙදෙනාටම වැදගත් නිසා පලුදු වු බැදීම් නැවත ගොඩනැගීමට කවරෙක් හෝ මුල්ම පියවර තැබිය යුතුයි.

නමුත් දිනෙන් දිනම විවාහ බැඳීම් නිසා ඔබ කායිකවත් මානසිකවත් පීඩාවට පත්වෙනවා නම් ඒ බැදීම රැක ගැනීමට වෙහෙස විය යුතුද යන්නත් ඔබම බුද්ධිමත්ව තීරණය කළ යුතු වන්නේ කිසි දිනෙක තනි අතින් අත්පුඩි ගැසීමට නොහැකි නිසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here