තම ශරීරයේ විවිධ සැත්කම් 100ක් සිදු කළ විස්මයජනක යුවතියක් පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.
ඒ චීනයෙන්.
බීබීසී මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සැත්කම්වලට භාජනය වී ඇත්තේ ඇබී නමැත්තියක්.
ඇය පළමු වරට වයස අවුරුදු 14 දී රූපලාවණ්‍ය සැත්කමකට ලක් ව තිබෙනවා.
ඇය සිය සැත්කම් 100 ගැන බීබීසී මාධ්‍යය වෙත පවසා ඇත්තේ;
‘මට සැත්කම් 100ක් කරලා තියෙනවා, කවදාවත් නවත්තන්නේ නැහැ’ යනුවෙන්.
අසනීපයකට හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු, මාස දෙකකින් ඇබීගේ බර කිලෝග්‍රෑම් 42 (රාත්තල් 6 ගල් 8) සිට කිලෝග්‍රෑම් 62 (රාත්තල් 9 ගල් 11) දක්වා වැඩි වී තිබෙනවා.
ඇබීගේ මව මැදිහත් වී ඇගේ බඩේ සහ කකුල්වල මේදය ඉවත් කිරීම සඳහා ලිපොසක්ෂන් ලබා ගැනීමට ඇයව රෝහල්ගත කර ඇති බවත් සඳහන්.
ඉදිරියේදී සිදුවීමට නියමිත සැත්කම ගැන ද ඇබීගේ මව අදහස් දක්වා තිබෙනවා.
ඇය සිය දියණිය ව දිරිමත් කර ඇත්තේ,
“නිර්භීතව ඇතුළට යන්න. ඔයා එළියට ආවට පස්සේ ඔයා ලස්සන වෙයි” යනුවෙන්.
ඇබීගේ ශරීරයෙන් මේ වනවිට මේදය ඉවත් කිරීමේ සැත්කමකට ද භාජනය වෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Saru FM Media