සාර්ථක විවාහයක් සඳහා සැමියන් විසින් අත් හැරිය යුතුම පුරුදු 4 ක්.

0
14


ඔබ කිරි කන්න කැමති ඇති. ඒත් ඔබට කිරි කන්න ලැබෙන්නේ දැලිපිහියක් නම්,කට කපා නොගෙන පරිස්සමින් කිරි කන හැටි ඔබ දැන ගත යුතුමයි.

විවාහ ජීවිතයට ප්‍රවේශවන කෙනෙකුට විවාහය පරිස්සමින් රැක බලා ගන්නත් ඒ වගේම පරිශ්‍රමයක් අවශ්‍යයි. තනිකඩව සිටි කාලයේ ඇති කරගෙන සිටි සමහර පුරුදු, චර්යාරටාවන් විවාහ ජීවිතයේදී ගැලපෙන්නේ නැහැ. ඒ බව අමතක කළොත් සහකරුගේ හෝ සහකාරියගේ විරෝධතා, චෝදනා, ප්‍රතික්ෂේප වීම් වලට ඔබට මුහුණ දෙන්නට සිදු වේවි. මේ නිසා අඩදබර වලට අත වනන වාට වඩා ඇබ්බැහිකම් අත් හරින්නට උත්සාහ දැරීම යහපත්.

සහකරු හෝ සහකාරිය නොරුස්සන මෙවැනි පුරුදු ඇබ්බැහිකම් ඔබ තුළ තිබෙනවා ද? වහාම පරීක්ෂාකාරී වන්න.

නිවැසියන් සමග කතාබහට ඇති සීමිත වෙලාව පවා දුරකථනයේ ගත කිරීම බොහෝ සහකරුවන්/ සහකාරියන් නොරුස්සන පුරුද්දක්. රැකියාවේ ස්වභාවය අනුව දුරකථනයේ රැඳී සිටින්නට සිදුවන කාල වේලාව තරමක් වැඩි නම් සහකරු හෝ සහකාරිය ඒ බව අවබෝධ කර දිය හැකියි. එහෙත් ඇයට හෝ ඔහුට එයින් සිත් පීඩා ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයි.

පාලනයක් නැතිව පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහිවීම්, සමාජ ජාලා පරිහරණය, වීඩියෝ නැරඹීම, චිත්‍රපට නැරඹීම, ඇතැම් කසාද ජීවිත දික්කසාද වලින් අවසන් වීමට හේතු වී ඇති අවස්ථා සුලභයි. අනෙකාගේ සතුට, අනෙකාගේ කැමැත්ත විවාහ ජීවිතයකදී නොසලකා සිටිය නොහැකියි. එහෙත් දෛනික ජීවිතයේ සියලු කටයුතු අතපසු වීමට තරම් සමහර පුරුදු දිග්ගස්සා ගැනීම විවාහකයකු ට කිසිසේත් ගැළපෙන්නේ නැහැ.

මේ තත්වයක් අසීමාන්තික ඇබ්බැහියක් බවට පත් වන්නට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. සහකරු සමඟ හොඳ ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන නමුත් ලිංගික දර්ශන නොකඩවා නැරඹීමට ඇතැම් විවාහක පිරිස් දක්වන රුචිය විවාහයේ අනිත් පාර්ශවයට ඉතා දැඩි මානසික පීඩාවක් බවට පත්වන අවස්ථා ද ඕනෑ තරම් තිබෙනවා.

මත්ද්‍රව්‍ය, මත්පැන්, මත් පෙති, දුම්වැටි භාවිතය පුරුද්දක් කරගත් විවාහකයෙකු ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට ලැබෙන්නේ නැහැ. පරපීඩක මානසිකත්වය, ගැටුම් ඇතිකර ගැනීමේ ආසාව, විකෘති කාමාශාවන්, සෞඛ්‍ය තර්ජන, මෙවැනි ඇබ්බැහිකම් සමග නඩත්තු වන පවුල් ජීවිතවල නිරන්තරයෙන් පවතිනවා. විවාහයට පෙර සිට ඇතැම් විට පවත්වාගෙන ආ පුරුදු මුලින් යටපත් ව තිබී පසුව මතුවීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇතිවී ඇත්නම් තත්ත්වය වඩාත් බිහිසුණු විය හැකියි. කල්ගත වූ පුරුදු එකවර නතර කර නොහැකිවීම ඊට හේතුවයි. කොහොම වුණත් සහකරු සම්බන්ධයෙන් මෙවැනි ඇබ්බැහියක් හඳුනාගත්තොත් ඉතා ඉක්මනින් උපදේශන සේවාවක් වෙත යොමු වීම සහ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. පවුල් ජීවිතයක් රැකගන්නට නම් විවිධාකාර කැපකිරීම් ඔබ විසින් කළ යුතුයි. සහකරුට හෝ සහකාරියට ඔබ විසින් නොකඩවා පවත්වාගෙන යන කිසියම් පුරුද්දක් හානිකර බව දැනෙන්නේ නම්, හැඟෙන්නේ නම්, වහාම එයින් අත්මිදීම ඔබ විසින් කළ යුතුමයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here