හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අද දිනයේ සැහැල්ලු මනසකින් සිටීමට කටයුතු කළ යුතු බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.
අද රාත්‍රියේදී නිදි වර්ජිතව අධ්‍යයන කටයුතුවල නිරත වීම සුදුසු නොවන බවත්, ආගමික වතාවත්වල නිරත වෙමින් සිත සන්සුන් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මෙම කෙටි කාලසීමාව තුළ දී, මේ වන තෙක් අධ්‍යයනය කර නොමැති විෂය කරණු අධ්‍යයනය කිරීම සඳහා කාලය වැය කිරීමෙන් වැළකී සිටින ලෙස ද මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා අවධාරණය කර තිබේ.
දැනට අධ්‍යයනය කර ඇති විෂය මාලාවන් නැවත ආවර්ජනය කිරීම පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වන බව ද විභාගයට පෙනී සිටින සිසුන් වෙත වෛද්‍යවරයා දන්වා සිටී.
මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රශ්න පත්‍රය ලබා දීමෙන් පසු, පළවෙනි විනාඩි 5ක කාලය ඉතාමත් වැදගත් වන අතර එම කාලය තුළ මානසික පීඩනය ඉහළ යා හැකි බැවින් පළමු ප්‍රශ්නය සඳහා පිළිතුරු ලිවීමට උත්සාහ නොකරන ලෙසය.
ඒ වෙනුවට එම කාලය, ප්‍රශ්න පත්‍රය හොඳින් කියවා පහසුවෙන් පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්නයක් තෝරා ගැනීමට වැය කරන ලෙසද ඔහු දන්වා සිටී.
එසේ පහසු ප්‍රශ්නයක් තෝරා ගනිමින් පිළිතුරු ලිවීම ආරම්භ කිරීම, විභාගය සඳහා වඩාත් හොඳ ප්‍රවේශයක් වන බවද වෛද්‍යවරයා පෙන්වා දී ඇත.
ඒ මහතා සඳහන් කර සිටියේ මෙම ක්‍රමය අනුගමනය කිරීම හරහා සෘණාත්මක පීඩනය අඩු කර ධනාත්මක පීඩනයක් ඇති කරවන බවය.
2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතය.
විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Saru News








