ශ්‍රී ලාංකේය සිනමාවේ උන්නතියට සුවිශාල දායකත්වයක් දැක්වූ අග්‍රගණ්‍ය නළුවන් කිහිප දෙනකු වන විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම සහ ගාමිණී ෆොන්සේකා පිළිබඳ මතකයන්, ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය විසින් ‘මතක පද’ ෆේස්බුක් පිටුවට ඉදිරිපත් කර තිබුණේ මෙලෙසයි. Sri Lanka Latest News
‘විජයව මම ඉස්සෙල්ලාම දැක්කේ සත්සමුදුර චිත්‍රපටයේ ෂූටිං කරනකොට. සත්සමුදුරේ සෝමා මුහුදුකරේට එන්නේ ගමකින්. එයාට ඒ මුහුදුකරේ ජීවිතේ පුරුදු නෑ. ආපු වෙලාවේ ඉඳලා අඬනවා. අපි එඩ්මන්ඩ් විජේසිංහ එයාව කසාද බඳින්න ප්‍රපෝසල් එකක් දාලා, එයාව බලන්න ගෙදරට එන දර්ශනය රූගත කළා එයාගේ ගෙදර. ඒ සීන් එක ෆිල්ම් එකේ නැහැ. මම ගොයම් කපනවා වතුරක බැහැලා. ඒක කරනකොට හරියට සෙනඟ බලාගෙන හිටියා. බලා ඉන්නකොට අපිට විවේකයක් එහෙම ලැබෙනවනේ. මගෙත් පළමු චිත්‍රපටය ඒක. මට මතක තියෙන්නේ හරි කඩවසම් තරුණයෙක් සුදු පාට කලිසමක් සහ ෂර්ට් එකක් ඇඳලා, බාටා සෙරෙප්පු දෙකක් දාලා ෂූටිං බලාගෙන ඉන්නවා. මටත් එතකොට අවුරුදු 17යි. එයාට අවුරුදු 22ක්ද කොහෙද. මගේ ඔළුවට ගියා එයාව.
ඊට පස්සේ හන්තානේ කතාවට මට කතා කළා ඩිරෙක්ටර් අපේ ගෙදරට හොයාගෙන ඇවිල්ලා. එයාට ඕනේ වුණේ කෙට්ටු නිළියක්. ඒකයි මාව ඒකට තෝරගත්තේ. ඒ අතර සුගත් අයියා මට කතාකළේ ස්ක්‍රිප්ට් රීඩින් එකකට. එයා අලුතෙන් තෝරගත්ත නළු නිළියොයි මමයි ඒකට ගියා. මම එතැනට ගිහින් ඉඳගෙන ඉන්නකොට අන්න විජය ඉන්නවා. මට හිතාගන්න බැරුව ගියා. සුගත් කියනවනේ ස්වර්ණා තමයි කරන්නේ, ටෝනි අද නෑ කියලා. මම දැනගෙන හිටියේ නෑ එතකොට බන්දුගේ චරිතයට තෝරගෙන තියෙන්නේ විජයව කියලා. එදා ෂූටිං බලන්න ඇවිත් හිටපු මනුස්සයා දෙවැනි චිත්‍රපටයේ රඟපානවා කිව්වාම ඒක මොන තරම් පුදුම දෙයක්ද? එදා ඇතිවුණු ඒ යාළුකම එයා නැතිවෙනකල්ම තිබුණා. එයා මැරුණ දවසේ උදේ හතහමාරට විතරත් මට කතා කළා. ඒ කාලේ කැඩපතක ඡායා චිත්‍රපටයේ හඬකැවීම් තිබුණා. ඒ හඬකැවීම්වල ප්‍රශ්නෙකට එදා මට කතා කළා. පෙබරවාරි 23 වැනිදා තමයි හඬකැවීම් යොදාගෙන තිබුණේ. නමුත් පෙබරවාරි 18 වැනිදා එයා නැතිවුණා.
ජෝ අබේවික්‍රම තමයි මට ලංකාවට එන්න කියලා ආරාධනා කළේ. ඉතින් එයා කරලා ගිහින් තියෙන්නේ ලොකු වැඩක්නේ. එයා දැන් හිටියා නම් මනෝරාණි දැක්කාම බොහොම සන්තෝෂ වේවි.
මම රට ඉඳලා එනකොට ගාමිණී ෆොන්සේකාව දන්නවා. මම චිත්‍රපට කීපයකත් රඟපාලා තිබුණා. දවසක් සිලෝන් ස්ටුඩියෝ එක ළඟ මම කාර් එකේ ඉන්නකොට ගාමිණීව දැකලා ෂටර් එක පාත් කරලා ‘හායි ගාමිණී’ කියලා කිව්වා, පිට රට කතාකරන පුරුද්දට. එතකොට ගාමිණී එක පාරටම හැරිලා බලලා ‘හූ ඊස් දැට්’ කියලා කිව්වා. ගාමිණී නැතිවෙන තුරුම මම එයාට කවදාවත් ‘ගාමිණී අයියා’ කියලා කතාකරලා නෑ. ගාමිණී කියලයි මම ඔහුට කතා කළේ….’
Mathaka Pada ෆේස්බුක් පිටුවෙනි
Saru FM Media