ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන ගෙදරදීම ෂැම්පු හදමු..

0
6

ෂැම්පු වල තියන රසායනික වර්ග නිසාම සමහරුන්ට හිස කෙස් වැටීම වගේ ගැටලු හට ගන්නවා. ස්වභාවික ද්‍රව්‍ය පාවිච්චි කරලා ගෙදරදීම ෂැම්පු හදා ගැනීම වැදගත් වෙන්නේ මේවාට පාවිච්චි කරන හැමදෙයක් ගැනම අපි දැනුවත් නිසා. මේ විදියට ඔබේ කෙස් වර්ගයට ගැළපෙන ෂැම්පු ජාතිය හදලා පාවිච්චි කරල වෙනස අත් විඳින්න.

වියළි හිස කෙස් සඳහා

පොල් කිරි කෝප්ප එකහමාරක්, විටමින් E තෙල් බිඳු කීපයක්, පොල් තෙල් තේ හැන්දක්, ඔලිව් ඔයිල් තේ හැඳි භාගයක් සහ බිත්තර කහ මදයක් ගෙන එකට මිශ්‍ර කර හිස කෙස් වල ගල්වන්න.

බිත්තර කහ මදයක්, මී පැණි මේස හැඳි 3ක්, පොල් කිරි මේස හැඳි 3ක්, පොල් තෙල් තේ හැඳි 2ක් සහ විටමින් E තේ හැන්දක් ගෙන එකට මිශ්‍ර කර හිසේ ගල්වන්න.

තෙල් සහිත හිස කෙස් සඳහා..

බිත්තර කහ මද දෙකක් සහ ලෙමන් යුෂ තේ හැඳි දෙකක් එකට මිශ්‍ර කර, කෙස් වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න. ඉන් පසු මඳ රස්නය ඇති ජලයෙන් සෝදා හරින්න.

බේකින් සෝඩා තේ හැන්දක්, ආමන්ඩ් ඔයිල් බිඳු කීපයක්, පෙපර්මින්ට් ඔයිල් බිඳු කීපයක්, ලෙමන් යුෂ තේ හැන්දක් සහ ජලය කෝප්පයක් ගෙන එකට මිශ්‍ර කරන්න. මෙය ශීතකරණයේ තබා ස්නානය කරන විට ප්‍රයෝජනයට ගන්න (හිසේ ආලේප කිරීමට පෙර බෝතලය හොඳින් සොලවන්න).

සාමාන්‍ය හිස කෙස් සඳහා

උකු පොල් කිරි කෝප්පයක් සහ කඩල පිටි මේස හැඳි 2ක් ගෙන එකට මිශ්‍ර කර හිස කෙස් වල ආලේප කරන්න.

වෙරළු කොළ මිරිකා ගත් ඉස්ම ෂැම්පු ලෙස භාවිතා කළ හැක.

ඉස්සොරි සහිත හිස කෙස් සඳහා

ගොඩපර කොළ මිරිකා ගත් ඉස්ම ෂැම්පු ලෙස භාවිතා කළ හැක.

ජලයට කොහොඹ කොළ දමා උතුරවන්න. එය නිවෙන තෙක් තබා කොහොඹ කොළ අඹරා පල්පයක් සේ සාදා ෂැම්පු ලෙස භාවිතා කරන්න.

පොල් තෙල්, ඔලිව් තෙල් සහ මී පැණි තේ හැඳි 2ක් සහ යෝගට් තේ හැඳි 3ක් එකට මිශ්‍ර කර හිසේ ගල්වන්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here