ස්පාඤ්ඤයට සහ බ්‍රිතාන්‍යයටත් ට්‍රම්ප්ගෙන් දොස්

0
4

මැදපරෙදිග යුද්ධයේදී  බ්‍රිතාන්‍ය සහ ස්පාඤ්ඤය කටයුතුකළ ආකාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

ධවල මන්දිරය වෙත පැමිණි ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස් සමඟ මාධ්‍ය හමුවකට එක් වෙමින් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.

“ස්පාඤ්ඤය කිසිම සහයෝගයක් දක්වන්නේ නැහැ. බ්‍රිතාන්‍යයත් එහෙමයි. බ්‍රිතාන්‍යයන්ගේ තත්ත්වය ඊටත් වඩා සවුත්තුයි. මේ චර්චිල්ගේ කාලය නෙමෙයි. බ්‍රිතාන්‍යය කිසිම සහයක් දැක්වූයේ නැහැ”

ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේ, යම් හෙයකින් තමන් ඉරානයට පහරදීම ප්‍රමාද වූවා නම් ඔවුන් අමෙරිකාවට පහරදීමට සැරසී සිටි බවයි.

මේ අතර, ඉරානය තමන් සමඟ සාකච්ඡාවට සූදානම් නමුත් දැන් ඊට ප්‍රමාද වැඩි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී පවසා තිබේ.

“ඉරානය සමඟ සාකච්ඡා කරමින් හිටියේ. අපි මුලින්ම පහරදිය යුතු බව මගේ අදහසක්. ඔවුන් අපිට පහරදෙන්න හිටියෙ. අපි එහෙම පහර නොදුන්නා නම් ඔවුන් කලින් පහර දෙන්න හිටියේ. මට ඒ බව හොඳටම දැනුණා. අපි අතර පැවති සාකච්ඡා අනුව මට හිතුණේ ඔවුන් පළමුව පහරදීමට සැරසෙන බවක්. මට එහෙම වෙන්න තියන්න බැහැනේ. අලුතින් පත්වෙන නායකයා කලින් කෙනාටත් වඩා නරක කෙනෙක් වුණොත්? එහෙම වෙනවට මම කැමති නැහැ. අපි ඉරාන වැසියන් කරන දේ බලමු. ඔවුන්ට අවස්ථාවක් ලැබුණා. තාම එළියට ගිහින් විරෝධතා තියන්න එපා කියලා අපි ඔවුන්ට කියලා තියෙන්නේ. තාම එළිය හරිම භයානයකයි”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here