සහල් වතුර වලින් කුරුලෑ අවම කරන සත්කාරයක්

0
16


මුහුනේ කුරුලෑ එන එක බොහෝමයක් තරුණියන්ට තියෙන ගැටලුවක්. කෘත්‍රිම ආලේපන ගල්වා මේ තත්ත්වය තවත් වැඩි කරගන්නවා වෙනුවට ස්වාභාවික සත්කාර වලින් මේ තත්ත්වය සමනය කරගන්න ඔබට හැකියාව තියෙනවා . අද අපි ඔබට කියන්නට යන්නේ මේ කුරුලෑ මර්දනය කරගන්න පුළුවන් වෙනස්ම ස්වාභාවික සත්කාරයක් ගැන. මේ ප්‍රතිකාර ක්‍රමය සුරූපී චීන ළඳුන් අතර ඉතාම ජනප්‍රිය සත්කාරයක්.
ඔවුන් මෙම සත්කාරය කරනු ලබන්නේ සුදු හාල් වතුර වලින් .සුදු හාල් වතුර වලින් සත්කාර කිව්වම මේ මොකක්ද කියලා ඔබට කුතුහලයක් ඇති වෙන්නට පුළුවන් . ඉතින් ඒ හැමදේම ගැන මේ ලිපියෙන් ඔබට කියා දෙනවා .

මෙම සත්කාර සඳහා ඔබ එකවරම සහල් වතුර මුහුණට භාවිතා කිරීමේදී එය දියරමය ගතියෙන් පැවතීම තරමක් අපහසු නිසා වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට අපි මෙම සහල් වතුර වලට තවත් අමුද්‍රව්‍ය එකතු කරනු ලබනවා. මෙම සත්කාරයන් සඳහා මුලින්ම ඔබ සුදු සහල් ඉතා සිහින්ව එනම් පවුඩර් එකක් වන තුරුම ඉතා හොඳින් කුඩු කර ගත යුතුයි .

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

පැක් එක හදන්නෙ මෙහෙමයි

පව්ඩර් එකක් වනතුරු කුඩුකරගත් සහල් මද මද උණුසුම් වතුරෙන් හොදින් දිය කර ගන්න. එය මදක් නිවුණු පසු එයට බිත්තර සුදු මදය සහ ග්ලිසරින් ස්වල්පයක් එකතු කරන්න

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

පැක් එක හදන්නේ මෙහෙමයි

කුඩු කරගත් සහල් වලට උණුසුම් තේ කහට එකතු කර හොඳින් මිශ්‍ර කර එයට මීපැණි ස්වල්පයක් එකතු කරන්න .

මෙම සත්කාරයට එලගි තෙල් භාවිතා කරන නිසා මෙය අධික කුරුලෑ සහිත මුහුණකට සුදුසු නොවේ

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

පැක් එක හදන්නේ මෙහෙමයි

කුඩු කර ගත් සහල් වලට එළඟි තෙල් , මී පැණි සහ රෝස වතුර එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

හදන්නෙ මෙහෙමයි

සුදු හාල් හෝදන ලද වතුර වලට මී පැණි සහ කෝමාරිකා මදය එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න

ඔබ ඔබේ මුහුණට කුමන සත්කාරයක් කළත් මුලින්ම ඔබේ මුහුණේ සම හොඳින් පිරිසුදු කර ගන්නට ඕනේ. ඉන්පසුව මෙම පැක් වර්ග වලින් කැමති එකක් ඔබේ මුහුණේ ආලේප කර විනාඩි විස්සක් හෝ තිහක් ඒ මුහුණේ තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න .
ඉන්පසුව අනිවාර්යයෙන්ම ටෝනර් එකක් ආලේප කරන්න

ස්වාභාවික සත්කාර වලින් ඔබේ සුන්දරත්වය වැඩි කරගන්න පුළුවන් ආකාරය අපි ඔබට නිරන්තරයෙන්ම කියලා දෙනවා . ස්වාභාවික වුණත් යම් යම් අමුද්‍රව්‍ය ඔබේ සමේ තත්වය අනුව ආසාත්මිකතා ඇති කරන්න පුළුවන් . ඒ නිසා ඔබ මතක තබා ගන්න ඕන දෙයක් තමයි මේ සත්කාර සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වලින් කුමන හෝ අමුද්‍රව්‍යයක් නිසා ඔබට යම් ආසාත්මිකතාවක් ඇති වනවා නම් ඒවා භාවිතා කරන එකෙන් වැළකී සිටින එක .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here