සවස දෙකෙන් පසු ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

0
11


බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල පස්වරු 02.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here