සලාද කොළ ඉවතට එපා

0
18


හැම්බර්ග් , එහෙම නැත්නම් සලාදයක් ආහාරයට ගන්නා විට ඔබේ දරුවාත් එහි තිබෙන සලාද කොළය ඉවතට දමනවාද…? එහෙත් ඔබ සලාද කොළයක තිබෙන ගුණ දන්නවා නම් කිසිම දවසක දරුවාට සලාද කොළය ඉවත් කරන්න නම් අවසර දෙන එකක් නැහැ.

සලාද කොළ විවිධ ප්‍රභේදයන්ගෙන් යුක්තයි. ඒවා වර්ණය, සහ කොළය අනුව වෙනස් වෙනවා. ලිහිල් සහ දැඩි සලාද විදිහටත් ලා කොළ වර්ණයේ පටන් තද කොළ වර්ණය දක්වා වූ වර්ණය ලෙසිනුත් සලාද වර්ග වෙනස්.සලාදවල ආරම්භය මැදපෙරදිග යැයි විශ්වාස කරනවා. ක්‍රි. පූ 4500 වැනි කාලයේදී ඊජිප්තු රජවරුන්ගේ මිනීවලවල්වල පවා සලාද කොළ සටහන් කර තිබුණා.ග්‍රික හා රෝම ජනතාව විසිනුත් සලාද කොළ භාවිතා කර තිබුන අතර එංගලන්තයේ මුලින්ම සලාද කොළ භාවිතය ආරම්භ වුනේ 8 වැනි රජදවස හෙවත් ක්‍රි. පු 1520 වැනි කාලයේදී. නිවර්තන කලාපයට සලාද ‍කොළ හදුන්වා දුන්නේ මෑත කලයක වුනත් ඒවායේ ගුණ මේ විදිහට දක්වන්න පුලුවනි.

මේ විදිහට ගුණ තිපබන සලාද කොළ ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකි සෞඛ්‍ය වාසි ගැනත් දන්නවාද…?

සලාදකොළවල සෙලියුලෝස් අඩංගු නිසා මලබද්ධයට ගුණයි. පාසල් යන දරුවන් අතරත් මලබද්ධය සුලබව දක්නට ලැබෙනවා. ඊට එක් හේතුවක් තමා ඔවුන්ගේ ආහාර රටාවේ තන්තු ආහාර කිසිවක් නොමැති වීම. ඉතින් සලාද ආහාරයට ගැනීමෙන් දරුවන්ගේ වුනත් මලබද්ධය වලක්වා ගන්න පුලුවනි.

සලාද කොළවල “ලෙක්ටියුරිම්” යනුවෙන් හැඳින්වෙන නින්ද කැන්දන රසායනයක් තිබෙන බවත් පර්යේෂකයන් පෙන්වා දෙනවා.සලාද කොළ යුෂ රෝස වතුර සමග මිශ්‍ර කරල කකුලේ සහ නළල කෙලවර ආලේප කිරීමෙන් සුවදායක නින්දක් ලබා ගන්න පුලුවන් නිසා ඔය නින්ද යන්නේ නැහැ කියල ගතු කියන අම්මලා තාත්තලාටත් හොදයි.

ගර්භණී සහ කිරි දෙන අම්මලාටත් සලාද කොළ ආහාරයට ගැනීමෙන් කිරි එරෙන බවටත් විශ්වාසයක් තිබෙනවා. මේ කාලයේදී අමු සලාද ආහාරයට ගැනීම වඩාත් ගුණ බවයි දැක්වෙන්නේ…ඒ විතරක් නොවෙයි, සමහර අම්මලාට ඇති වෙන ස්වභාවික ගබ්සාවන්ගෙන් ආරක්ෂාවටත් සලාද කොළ ආහාරයට ගැනීම හොඳබවට සාක්ෂි තිබෙනවා.

සලාද කොළවල කාබොහයිඩ්ඩ්‍රේට අඩුයි. එයින් සෑහෙන මට්ටමකින් හිමෝග්ලොබින් අව‍ශෝෂනය වෙන නිසා රක්තහීනතාවයටත් ගුණයි.

සලාද අමුවෙන් විතරක් නොවෙයි සලාද පිසගෙන ආහාරයට ගන්න පුලුවන්. එවිට ජලය එක් නොකොට එහි තිබෙන ජලයෙන් පමණක් පිස ගන්න.

සලාද අමුවෙන් ආහාරයට ගන්නා නිසා ඉතා හොදින් සෝදා ගැනීම වැදගත්. කොළයෙන් කොළය වෙන වෙනම සෝදා ගන්න.මේවායේ කෲමිනාශක, තෙල් වැනි දේ ඇතුලත්ව තිබෙන්නත් පුලුවන්. ඒ නිසා ඉතා හොදින් සෝදා ගන්න. කොළ විතරක් නොවෙයි, ගැටිති අතර මඩ තිබෙන්නත් පුලුවන්.

සලාද කොළවල ‍අහිතකර කොලස්ටරෝල් මට්ටම පහල දැමීමේ හැකියාව තිබෙන බවත් දැන් හඳුනා ගෙන තිබෙනවා. ඉස්සර කාලයේ නම් කොලස්ටරෝල් තිබුනේ වැඩිහිටියන්ට පමණක් වුනත් අද ජීවන රටාව අනුව දරුවන්ට වුනත් කොලස්ටරෝල් ඇති වීමේ අවදානම ඉහලින්ම තිබෙන නිසා සලාද කොළ ආහාරයට ගැනීම නුවණට හුරුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here