ෆේස්ලිෆ්ට් ඩයට් සංකල්පය හඳුන්වා දෙන්නේ Nicholas Perricone විසින්. ඔහු පෝෂණවේදියෙකු සහ චර්ම රෝග විශේෂඥවරයෙක්.ඔහු විද්‍යාත්මකව කරුණු දක්වමින් මුහුණේ Wrinkles අඩු කර ගන්නට නවීන ක්‍රමවේදයක් යෝජනා කරනවා. ඒ සංකල්පය තරමක් සංකීර්ණ එකක්. එහිදී ඔබ සිරුරට එක් කර ගන්නා ආහාර වර්ග වලින් සිරුරේ සුන්දරත්වය වැඩිකර ගැනීම ඉලක්ක කෙරෙනව. බොහෝ ඩයට් ප්ලෑන් අපි අනුගමනය කරන්නෙ සිරුරේ බර අඩු කර ගන්න වුනත් මේ ඩයට් ප්ලෑන් එකේ මූලික ඉලක්කය වන්නේ ඔබේ සිරුරට අත්‍යාවශ්‍යම ප්‍රෝටීන හා අවශ්‍ය පෝශක සංඝටක ලබා දීම තුලින් සමේ පෝෂණ ගුණය වැඩි කර ස්බාවික සුන්දරත්වයක් ඔබට ලබා දීමයි. සැබවින්ම එහි ප්‍රතිකර්ම ලෙස යෝජනා වෙන්නේ සිරුරට උසස් මට්ටමේ ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රෝටීන් ලබා ගැනීමයි.
බොහෝ ඩයට් ප්ලෑන් අනුගමනය කරන පිරිස් වලට මුහුණ දෙන්න සිදුවන ප්‍රධාන ගැටලු තමයි සම අවපැහැයට පත් වීම, ස්ථූල භාවය අඩු වෙන විට සම රැලි වැටීම, හිසකෙස් යාම වැනි කරුණු , නමුත් මේ ඩයට් ප්ලෑන් එක අනුගමනය කරන විට එවැනි ගැටලු ඇතිවන්නෙ නැති වීම වාසියක්.
ෆේස්ලිෆ්ට් ඩයට් එකක් සැකසීමේ ප්‍රධානම අරමුණුත් ඒ කරුණු යි.
1.මුහුණේ රැලි ඉවත් වීම
මුහුණේ ඇති රැලි ඉවත් කරන අතර මෙමගින් ඔබේ නිය,කොණ්ඩය සහ සමට ද පෝෂණය ලැබෙනවා
2.බර අඩු වීම
සිරුරේ බර අඩු වෙන ඩයට් එකක් හැටියටත් අපිට මෙය හඳුන්වා දෙන්න පුලුවන්.
මේ ආහාර වර්ග ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර නිසා වයස්ගත වීම ස්වභාවික ලෙස වළක්වනවා.කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් ද අඩංගු යි.
ඔබ ෆේස්ලිෆ්ට් ආහාර වේලක් ලබා ගත යුත්තේ ප්‍රෝටීන් පළමුවත් ඊටපසු කාබෝහයිඩ්‍රේට් ද ලෙස යි.මේ ආහාර ඔබේ සිරුරේ සීනි ප්‍රමාණය ද ඉහළ නොදැමිය යුතු ආහාර වනවා.
ෆේස්ලිෆ්ට් ඩයට් ප්ලෑන් එක දවස් තුනක කෙටි ඩයට් එකක් සහ දවස් විසි අටක දිගු ඩයට් එකක් ලෙස වර්ග දෙකක් පවතිනවා.
මෙය දිගු ඩයට් ප්ලෑන් එකට ඔබේ සිරුර සහ මනස සූදානම් කරන්නක්.ඉක්මන් සහ පහසු ආහාර වේල් මෙහි අඩංගුයි.
ඔබට නිදා ගන්නට කලින් ඇපල් ගෙඩියක්, කළුකුම් මස් ග්‍රෑම් 50ක්, ස්වභාවික යෝගට් ග්‍රෑම් 50ක්, හේසල් නට් හෝ ආමන්ඩ් ඇට ආහාරයට ගන්න පුලුවන්.
ඔබට ඉහත ආහාර වේල්ම මාසයක් දිගු කරන්න පුලුවන්.හැබැයි නීති කිහිපයක් තියෙනවා.
දින තුනේ ඩයට් ප්ලෑන් එක ඇසුරෙන් ඔබට ඉහත ආහාර වලින් ආහාර වේල් තුන සකසා ගන්න පුලුවන්. හැබැයි අමතර ස්නැක් වේල් දෙකට නට්ස් වර්ග,කිරි නිෂ්පාදන එකතු කර ගත යුතුමයි.
ඇල්කොහොල්,කෝපි,ක්ෂණික බීම,ක්ෂණික ආහාර,පැණිරස වර්ග,සෝස් වර්ග සහ ශීත කළ ආහාර සම්පූර්ණයෙන් තහනම් බව මතක තියා ගන්න.
1.ආහාර වේල් මිල අධික වීම
කොහොම වුණත් ෆේස්ලිෆ්ට් ඩයට් එක මුහුණේ රැලි අඩු කර ලස්සන සමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලෝකය පුරා ජනප්‍රිය වෙන සංකල්පයක්.පෝෂණවේදියෙකුගේ සහය ද සමඟ ඔබට මේ සඳහා යොමු වෙන්න පුලුවන්.
Saru FM Media