සමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක වීඩියෝවක් ගැන පොලීසියෙන් කරුණු දැක්වීමක්

0
10


පොලිස් නිලධාරියෙකු විසින් නිවසක දොරකට පහරදෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන වීඩියෝපටය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සිදුවීම පසුගිය 24 වනදා නෙල්ලිඅඩි පොලිස් වසමේ වෙම්බඩි ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක් බවයි එහි සඳහන් වන්නේ.

බලපත්‍ර නොමැතිව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යමින් එළ ගව පැටියෙකු මරා මස් කිරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත නෙල්ලිඅඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ ස්ථානයේ වැටලීමක් සිදු කර තිබෙනවා.

එම ස්ථානයේ ගව පැටියෙකු මස් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු දිවගොස් කිමරයකට ඇතුළු වී දොරගුළු දමාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. සැකකරු පිටතට කැඳවා ගැනීමට පොලිස් නිලධාරීන් කිහිපවරක් උත්සහ කළද ඔහු පිටතට පැමිණ නැහැ.

එම අවස්ථාවේ අසල්වැසි නිවෙස්වල කාන්තාවන් ඇතුළු පිරිසක් එම නිවසට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇති අතර නෙල්ලිඅඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද එම ස්ථානයට පැමිණ තිබෙනවා. 

සැකකරු තවදුරටත් කාමරය තුළ රැඳී සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කාමරයේ අගුල් දමා තිබූ දොර විවෘත කිරීමට පොලිස් නිලධාරියෙකු විසින් පා පහරවල් කිහිපයක් එල්ල කර දොර විවෘත කරගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි වෙම්බඩි තුන්නාල, දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ඉකුත් 24 වන දින පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති එතර එහිදී වරද පිළිගැනීමෙන් පසු රුපියල් 30,000ක දඩයකට යටත් කර ඇති බවද පොලීසිය පැවසුවා.

සිද්ධිය වූ ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු සැකකාරියන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here