සම්මානනීය ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.එච්. සරත්ගේ නවතම චිත්‍ර ප්‍රදර්ශනය Color (කලර්) නමින් මෙම අප්‍රේල් 03 සිට 06 දක්වා නුගේගොඩ Sarath Gallery (සරත් ගැලරි) චිත්‍රාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම චිත්‍රාගාරය නුගේගොඩ නාවල පාරේ, සරසවිඋද්‍යන මාවතේ, අංක – 18 ඒ යන ස්ථානයේ පිහිටා ඇත. Sri Lanka Latest News
රදර්ශනය පෙ.ව. 10 සිට ප.ව. 06 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර ප්‍රදර්ශනය සඳහා ඔහුගේ නවතම වර්ණ චිත්‍ර නිර්මාණ රැසක් ඉදිරිපත් කිරීමට නියමිතය. දැනට වසර 50කට අධික කාලයක් සම්භාව්‍ය චිත්‍ර කලාවේ නිරතව සිටින එස්.එච්. සරත්, මේ වනවිට දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන විශාල ප්‍රමාණයක් පවත්වා ඇත.
ලෝකයේ ප්‍රකට චිත්‍ර ශිල්පීන්ට ලැබෙන දුර්ලභ අවස්ථාවක් වන ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය චිත්‍ර කලාගාරයේද ඔහුගේ චිත්‍රයක් ප්‍රදර්ශනයට තබා ඇත. සමාජ ජන විඥානය දෙස බොහෝ තීව්‍ර ඇසකින් බලා චිත්‍ර නිර්මාණය කරන එස්.එච්. සරත් මේ වනවිට ලෝකයේ රටවල් 20ක තම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇත. මෙවර නවතම ප්‍රදර්ශනයේ වැඩි විස්තර දුරකතන අංක 0711235597 මගින් විමසා දැනගත හැක.




ප්‍රියන්ත හෙට්ටිගේ
Saru FM Media