සමන් එක්කනායක අද අධිකරණයට… – Saru News | සිංහල

0
3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායකට එරෙහි නඩුව අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට නියමිතය.

ඒ අනුව මේ වනවිටර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ දෙවෙනි සැකකරු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර සිටී.

ඒ අනුව පසුගිය ජනවාරි 28වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ එහි දෙවන සැකකරු ලෙස නම් කර සිටි සමන් ඒකනායක නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට බාරවීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here