සමට සුදුසු ආලේපන තෝරාගන්නේ කොහොමද ?

0
11


සමට කිසියම් හෝ ආලේපනයක් නොගල්වන කෙනෙක් සොයා ගැනීම කලු නික සොයනවටත් වඩා අමාරුයි අද කාලේ. එතරම්ම ආලේප කියන දේවල් ජීවිතයට සමීප වෙලා. ඒ නිසාම අප සොයලා බලමු අපට සුදුසුම ආලේපය තෝරා ගන්නේ කොහොමද කියලා.

යම් ආලේපයක් තෝරා ගැනීමේදී තමන්ගේ සම කිනම් ආකාරයේ එකක්ද කියලා අවබෝදයක් තියෙන්නම ඕනා. ඒ වගේම තමන්ට කිසියම් ආලේපයක් අවශ්‍ය වන්නේ ඇයි කියලත් ඔබ දැන ගන්න ඕනා.

ආලේපන බොහොමයක්ම  කෘතිමව නිශ්පාදනය කරන නිසා රසායනික ද්‍රව්‍ය වලින් පිරිලා තියෙන්නෙ. එහෙත් බොහෝ දෙනෙක් ඒ ගැන සැලකිලිමත් නැහැ. මේ ද්‍රව්‍ය අතර ලැනොලින්, පෙට්ට්‍රෝලියම් ජෙලි, පැරෆින් ඉටි, ඛණිජ වර්ග සහ විටමින් වර්ගද භාවිතා වනවා. ඒ වගේම සමහර ශාක කොටස් ද භාවිතා වෙනවා. ඇරෝමා කියන්නෙ ඒ වගේ සම්පූර්නයෙන්ම ශාක සාර වලින් නිශ්පාදනය වන් ආලේපනයක්. මේ නිසා මින් තමන්ගේ සමට හිතකර අහිතකර බව ආලේපනයක්  මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතුයි.

ඒ වගේම අවුරුදු දහ අටට අඩු අයට ආලේපන අවශ්‍ය වන්නේ නැහැ. අනවශ්‍ය පරිදි ආලේපන භාවිතය නිසා සම එල්ලා වැටීම, අව පැහැ වීම, ආසාදන මතුවීම වැනි තත්වයන් ඇති වීමට හැකියි.

වියලි සමක් ඇති අයෙක් නිරතුරුවම තෝරාගත යුතු වන්නේ ක්‍රීම් බේස් නිශ්පාදන වර්ගයි. ඒ වගේම රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් උපදෙස් ගන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි.

ලික්විඩ් හෝ ක්‍රීම් බේස් ආලේපන මෙවැනි සමක් ඇති අයට වඩාත්ම සුදුසුයි.

මෙවැනි සමක් අයට සුදුසු වන්නේ වෝටර් බේස් ආලේපන වර්ගයි.

මෙවැනි ආසාදන  තිබෙන අය වෛද්‍ය හෝ රූපලාවන්‍ය ශිල්පී උපදෙස් මත ආලේපන තෝරාගැනීම තමා වඩාත්ම සුදුසු වන්නෙ.

සෑම නිශ්පාදනයක් සමගම නිශ්පාදකයා උපදෙස් මාලාවක් නිකුත් කරනවා. ඉතින් ඒත් බොහෝ දෙනෙක් එම උපදෙස් මාලාව කියවන්නේ නැහැ. ඒ නිසා අන්ක එකට කලයුතු ඒ උපදෙස් මාලාව කියවීමයි. නොමැතිනම් එම ආලේපනයෙන් ඔබ අපේක්ශා කරන උසස් ප්‍රතිඵල ලබා ගන්නට නොහැකි වේවි.

 – ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here