Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් සබරගමුවේ රැග් කර හසුවූ ප්‍රධාන 4 දෙනා කළ පාවාදීම් වලින් පසු...

සබරගමුවේ රැග් කර හසුවූ ප්‍රධාන 4 දෙනා කළ පාවාදීම් වලින් පසු තවත් දෙන්නෙකු අත්අඩංගුවට

0
3


two-more-arrested-after-betrayals-by-the-four-main-people-caught-rigging-in-sabaragamuwa

 ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් හට නවක වදය ලබාදීමේ සිද්ධියට අදාලව එහි මූලිකව ක්‍රියා කළ බව කියන සිසුන් 04 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම සිදුවීම් වලට සම්බන්ධිත නමුත් තවම අත්අඩංගුවට පත් නොවූ 2 නෙකු සිටින බවත් ඔවුන් දෙන්නා මෙහි ප්‍රධාන චෝදනා සහිත අය බවත් සොයාගන්නට හැකිව තිබේ.

ඒ අනුව 06 වන අද දින මෙම සිද්ධියට සම්බන්ධ සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ තවත් සිසුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් 2025.04.29 වන දින සමනල වැව පොලිස් ස්ථානය වෙතලද පැමිණිල්ලකට අදාලව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.
ඒ අනුව මෙම සිද්ධියට අදාලව මේ දක්වා සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.
මේ වනවිට සිද්ධියට සම්බන්ධ 11 දෙනෙකුගේ පංති තහනම් කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය පියවර ගෙන ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here