සබරගමුව නවකවද සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට!

0
4


කොළඹ LNW:සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය දීමේ සිද්ධියට සම්බන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව සමනලවැව පොලීසිය පවසයි.

නවක වැඩ සිදුවීමක් පාදක කරගෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා සිය දිවි නසා ගෙන තිබුණු අතර විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවයි.

එම අවාසනාවන්ත සිදුවීම වාර්තා වුණේ පසුගිය අප්‍රේල් 29 වැනිදාය.

ඊට පෙර නිවසට පැමිණ තිබුණු චරිත් දිල්ශාන් සිය ඥාතියෙක් වෙතද පවසා ඇත්තේ තමන් අමානුෂික ලෙස නවක වැඩ සිදුවීමකට මුහුණ දුන් බවයි.

මේ අතර චරිත් සමග නවකවදයට ලක්වූ බව කියන සිසුන් 20 දෙනෙකුගෙන්ද සමනලවැව පොලීසිය පසුගියදා ප්‍රකාශද සටහන් කරගෙන තිබුණි.

මේ වන විට සිද්ධියට සම්බන්ධව චෝදනා ලැබ සිටින සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 04 දෙනෙකු බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද විමර්ශනයක් සිදුකෙරෙමින් පවතියි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here