සබන් හා ඩිටර්ජන් කුඩු භාවිතය නිසා අවපැහැයට පත් වූ වියලි දෑත් සදහා සත්කාර.

0
15


මුළුතැන්ගෙයි භාජන සේදීම නිසා රෙදි අතින් සේදීම නිසා සමහර වෙලාවට අපේ දෑත් රළු ස්වභාවයක් ගන්නවා.අනිත් කාරණය අපි මේ දවස් වල නිතරම භාවිතා කරන සැනිටයිසර්. සැනිටයිසර් නිසාත් දෑත් වල වියළීම් ඇති වෙනවා.මෙය අපහසුවක්.ඒ වගේම අත් දෙකේ සුන්දරත්වයටත් හානියක්. සබන්, ඩිටර්ජන් කුඩු වගේම සානිටයිසර් භාවිතයෙන් අවපැහැයට පත් වුන, වියලි දෑත් සදහා ගෙදරදීම කරන ප්‍රතිකාර ගැන තමයි අද ඔබට කියන්න අපි හිතුවේ.

සබන් වල සෝඩියම් හයිඩොක්සයිඩ් ද සබන් කුඩු වල ඩිටර්ජන් ද සැනිටයිසර් වල ඇල්කොහොල් බේස්ට් ද පවතිනවා.මේවා නිසා සම මතුපිට වියළීම,කොරල ඇති වීම,පැලීම සිදු වෙනවා.සමේ වියළි ස්වභාවයක් දිගටම පැවතීම නිසා සම ආසත්මිකතාවයන් ලක් වෙනවා..සම පැලීම සහ කුෂ්ට ඇති වීමට පවා පුලුවන්.
සම පැලී සැරව මතු වෙන තරමට පත් වීම ඔබට විශාල කරදරයක්.

නියපොතු වලට හානි වීම,කසන ස්වභාවය,සම පැලීම දිගටම පවතිනවානම් ඒ ඔබ භාවිතා කරන සෝදන ද්‍රව්‍ය වල වරදක්. ඒවායේ නියමිත ph අගය නැති වීම තමයි එයට හේතුව වන්නේ.

ග්ලවුස් භාවිතය

ප්‍රධානම සහ හොඳම විසඳුම ඔබ ප්‍රමිතියකින් යුතු ග්ලවුස් භාවිතා කිරීමයි.ඒවා පැයකට වඩා දමාගෙන ඉන්නත් එපා.

රසායනික ද්‍රව්‍ය දිගු වේලාවක් භාවිතා නොකර සිටීම.

සම්භාහනය

ආමන්ඩ් ඔයිල්, ඔලිව් ඔයිල්,අලිගැටපේර තෙල් ගල්වා පැය බාගයක් මසාජ් කර මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.

සාමාන්‍ය වියළි ස්වභාවයක් පවතින විට කෝමාරිකා ජෙල් මිනිත්තු තිහක් ගල්වා මසාජ් කර සෝදා හරින්න.

රාත්‍රී සත්කාර

ඔයිල් ගතිය වැඩි මොයිස්චරයිස් ක්‍රීම් එකක් දෑත්‍ වල ආලේප කර මසාජ් කර කොට්න් ග්ලවුස් දමා නින්දට යන්න.

නියපොතු වල සහ සම වියළී ගිය සහ ගැලවුණු තැන්වලට වැස්ලින් ආලේප කර මසාජ් කරන්න.

ස්ක්‍රබ් කිරීම.

සීනි, හාල් පිටි,දෙහි හොඳින් මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි විස්සක් මසාජ් කර සෝදා හරින්න

පැක් එකක් යෙදීම

ඕට්ස්,කිරි, අලිගැටපේර සහ මීපැණි මිශ්‍ර කර පැක් එකක් සකසන්න. පැය බාගයක් ආලේප කර තබා සෝදා හරින්න.

ඔබට ඉහත ප්‍රතිකාර වලින් සහ සෝදන දියර වර්ගය මාරු කිරීමෙන් කිසිම ප්‍රතිඵලයක් නැතිනම් චර්ම රෝග විශේෂඥවරයෙක් මුණ ගැසීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්.
අනිත් කාරණාව සම පැලී ඇත්නම් තුවාල ඇත්නම් ඔබට සාමාන්‍යයෙන් ආසත්මිකතාවයන් මතු වනවා නම් ක්‍රීම් වර්ග සහ තෙල් වර්ග ආලේප කරන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here