සතුටින් සැහැල්ලුවෙන් ඔබේ ජීවිතේ අරමුණු ජයග්‍රහණය කරන්න වැදගත් වෙන ටිප්ස් 5 ක්.

0
12


සෑම වර්ෂයක්ම අවසානයේ ආපස්සට හැරිලා බැලුවම ඔබට හිතෙන්න පුළුවන් අයියෝ අපරාදෙ නේද මේ අවුරුද්දත් කියලා .හැමෝටම නෙමෙයි.ඒත් බොහෝවිට ඔබට හිතෙන්නට පුලුවන්.ඉතින්,එහෙම හිතෙනවා නම් ලොකුවට,බරපතළ විදියට වදවෙන්නෙ නැතුව අදින් පටන් ගන්න නව වසර තුල ඔබේ ජීවිතය ගොඩදාගන්න හැටියි මේ කියලා දෙන්න යන්නේ.

බොහෝ විට අපි එලාම් එකක් තියන්නේ ඇහැරෙන්නෙ නැතිවෙයි කියන සැකේට.ඒ කියන්නේ අපිට තව ටිකක් නිදා ගන්න ඕනි.මේක ඇත්තටම ශරීරය ඉල්ලන නියම නින්ද.ඉතින් එලාම් එකක් කියන්නෙම stressful දෙයක්.නමුත් අපි ටිකක් ඉක්මනින් නිදාගෙන ශරීරයට අවශ්‍ය නින්ද දුන්න නම් එයා පුරුද්දක් විදියට ඔයාට අවශ්‍ය වෙලාවට එලාම් එකක් නැතුවම ඇහැරෙනවා.දවසක් දෙකක් පොඩ්ඩක් වැඩ ටික ජෑම් වුණත් මේ ක්‍රමය පුරුදු වුනාම අවුරුද්ද පුරාම ඔබට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් .

මහ පාන්දර කාත් එක්ක හිනාවෙන්නද? හිනා වෙන්න ගෙදර මිනිස්සුන්ව ඇහැරලා බැනුමකුත් අහගන්නයි වෙන්න .ඔයාට එහෙම හිතෙන්න පුළුවන්.ඒත් කලබල වෙන්න එපා.හිනා වෙන්න කෙනෙක් ඉන්නවා.නිදිමතේම වොෂ් රූම් එකේ කණ්නාඩිය ළඟට යන්න.කන්නාඩියෙන් ලස්සන රූපයක් පේනවා නේද ?ආන්න එයා එක්ක හිනා වෙන්න.ලස්සන හිනාවකින් දවස පටන් ගන්න.

මේක කිසිම අමාරුවක් නැති දෙයක් .මොකද අහගෙන ඉන්න කවුරුත් ඇත්තෙත් නැහැ.ඒ නිසා අමතක නොකරම හැමදාම washroom එකේදි සින්දු කියන්න වෙනවාමයි.නාන, ඇඟ හෝදන්න යන හැම වාරයකදීම සින්දුවක් කියන්න අමතක කරන්න එපා.

මේකත් සුළුවෙන් පටන් ගන්න පුළුවන් .නැගිටල පොඩ්ඩක් එහෙට මෙහෙට පිළිවෙලකට කරන්න පුළුවන් ව්‍යායාම් ටිකක් හොයාගන්න.දවස ගත කරන්න අවශ්‍ය සතුටු හෝමෝනය වන ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙන්න මේක අත්‍යවශ්‍යම එකක්.මුලින් ඕනවට එපාවට පටන් ගත්තට පුරුදු උනාම නිකන්ම කෙරෙයි.හරියට අපි අර එලාම් එක නැතුව නැගිටින්න පුරුදු උනා වගේ .පොඩ්ඩක් නිවසේ දොර ඇරගෙන එළියට යන්න පුළුවන් නම් තවත් පහසුවේවි.

උදෑසන ආහාරය, දවසම සතුටෙන් ගත කිරීමට හරිම වැදගත් එකක් .පළතුරු යුෂ වීදුරුවක් සමග සෞක්‍යයමත් ආහාරවේලක් ලබා ගන්නට අමතක කරන්න එපා.කලින් දවසේ නින්දට යන්න කලින් ආහාරපාන ආදිය,විශේෂයෙන්ම උදෑසන ආහාරය සැලසුම් කර තබන්නට විශේෂයෙන් මතක තබා ගන්න.

ඔන්න අපි ඔබට කියන්නේ එච්චරයි.හැබැයි මේ පහම. අනිවාර්යයෙන්ම සිදු කිරීම හරිම වැදගත් .මීට අමතරව තවත් වෙනසක් අවශ්‍ය කෙනෙකුට මෙන්න මේ දේවලුත් කරන්න පුළුවන්.නමුත් ඉහත කිසිම දේකට ඔබට අමතර කාලයක් හෝ පුරුදු වීමට අපහසුවක් වන කිසිම දෙයක් නැහැ .එහෙනම් ඊට අමතරව කරන්න පුළුවන් දේවල් ගැනත් සොයා බලමු.

ඊළඟ අවුරුද්දේ දී ආපස්සට හැරිලා බලද්දී සතුටින් පිරුණු ,ආතතියෙන් තොර වසරක් ගත කල බව ඔබට අනිවාර්යෙන්ම දැනෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here