සජින් වාස්ට එරෙහිව අධි චෝදනා!

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අද (16) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණය හමුවේ එම අධි චෝදනා ගොනු කර ඇති අතර පසුගිය 09 වැනිදින ඔහුව
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

The post සජින් වාස්ට එරෙහිව අධි චෝදනා! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here