නාමල් රාජපක්ෂට ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලැබී තිබූ ආරාධනයක් අනුව එම සංචාරයේ නිරත වීමේ දී සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ගමන් මලු රැගෙන යන්නා ලෙස තෝරා සිටි බව සනාථ වී තිබේ.
මේ බව තහවුරු කෙරෙන ඡායාරූප ගණනාවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල ද නාමල් රාජපක්ෂගේ නායකත්වය යටතේ සහභාගී කර ගෙන ඇත.
ඉන්දීය නිදහස් දින උළෙල සඳහා එරට රජයෙන් ලැබුණු නිල ආරාධනාවකට අනුව නාමල් රාජපක්ෂ විසින් පිරිසක් එම සංචාරයට එක් කර ගත් බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් පොහොට්ටු පක්ෂයෙන් ප්‍රචාරය කර තිබිණි.
මෙම සංචාරයට ආරාධනා කර ඇත්තේ හුදෙක් ව්‍යාපාරික අරමුණු මූලික කර ගත් ඔඩිස්සා ප්‍රාන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ හිමිකරුවෙක් විසිනි. ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වීමට ආසන්න ව තිබිය දී නාමල් රාජපක්ෂලා ගෙන්වා ගෙන ඇති බව අනාවරණය වේ.
21
Saru News










