සඟ සමුළුව අද

0
3

දිවයින පුරා වෙසෙන සංඝයා වහන්සේලාගේ වැඩම කිරීමෙන් සිදුවන මහා සඟ සමුළුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ අද (20) පස්වරු 2.00ට පැවැත් වේ.

රටේ ඇති වී තිබෙන ආගමික හා සංස්කෘතිය සෝදා පාළුවට මෙන්ම ඇතැම් සමාජ මාධ්‍යවලින් සිදුකරන ඇනුම් බැනුම්වලට විරෝධය පළ කරමින් මෙම මහා සඟ සමුළුව පැවැත්වීමට නියමිතය. 

මෙම සංඝ සම්මේලනය සම්බන්ධයෙන් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ මෙසේ පැවැසූහ.

‘‘මේ සඳහා මහා සංඝරත්නයේ සහ ගිහියන්ගේ පුර්ණ අනුග්‍රහය ලැබිලා තියෙනවා. මේකට විරුද්ධව කටයුතු කිරීමටත් විශාල පිරිසක් සුදානම් බව ආරංචියි. ඒකටත් අපි උත්තර දෙන්න ලෑස්තියි. අපි වැඩකට බැස්සොත් හොඳ නරක බලන්නේ නැහැ.
හොඳනම් හොඳ, නරකනම් නරක දෙකටම සුදානම්. මෙවැනි සංඝ සමුළුවක් පැවැත්වීමට වතාවරණය සැකසුවේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ක්‍රියාකලාපය. එන ඕනෑම බලවේගයකට මුහුණදෙන්න සුදානම්. මේ රටේ සියයට හැත්තෑහයක් (76%) බෞද්ධ ජනතාව ඉන්නවා. ඒ ජනතාව අපේ පිටුපස ආරක්ෂාවට ඉන්නවා. අපට දේශපාලනයක් මේකට වැඩක් නැහැ. මොන පක්ෂයේ හිටියත් අපේ දායකයෝ. ගිහි පැවිදි සියලුදෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මහා ජන බලවේගයට සම්බන්ධවෙන්න.’’

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here